October 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“අපි ඉන්නේ මත්ද්‍රව්‍ය හා දේශපාලනය එකතු වූ ‘පාර රාජ්‍යයක’” – ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිගෙන් අනාවරණයක්..

1 min read

නීතිය, දේශපාලන බලය සහ මත්ද්‍රව්‍ය ජාලයන් එකිනෙක පැටලී ඇති ‘පාර රාජ්‍යයක’ (Deep State) වත්මන් සමාජය ජීවත් වන බව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති, ජනාධිපති නීතිඥ ප්‍රසාන්ත ලාල් ද අල්විස් මහතා පවසයි.

ලෝක ප්‍රවෘත්ති දිනය සහ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ වර්තමාන සමාජය උගත්කමට හෝ බුද්ධිමත්භාවයට වඩා මුදලට සහ භෞතික සම්පත්වලට මුල්තැන දෙන තත්ත්වයට පත්ව ඇති බවයි. මෙවැනි දූෂිත පද්ධතියක් දිගින් දිගටම පවත්වාගෙන යාමෙන් සමාජයේ සැබෑ වීරයන් නැතිවී යන බවත්, මිනිස් ජීවිතයක වටිනාකම රුපියල් පනස්දහස තරම් පහළ මට්ටමකට වැටී ඇති බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, තොරතුරු දැනගැනීමේ අයිතිය සමාජය තුළ සක්‍රිය ලෙස භාවිත කරන්නේ නම් මෙම පද්ධතිය වෙනස් කරමින් අලුත් වීරයන් බිහිකර ගැනීමට හැකියාව ලැබෙන බවද විදුහල්පතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පාර රාජ්‍යය (Deep State) යනු කුමක්ද?

මෙම සංකල්පය පිළිබඳව අදහස් දක්වන ගවේෂණාත්මක මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ ‘පාර රාජ්‍යය’ යනු රාජ්‍ය ප්‍රතිපත්ති සහ තීරණ රහසිගතව මෙහෙයවීම සඳහා බලගතු රාජ්‍ය නිලධාරීන්, හමුදාමය ප්‍රධානීන් හෝ වෙනත් අන්තවාදී බලවේග එකතුවී ක්‍රියාත්මක වන රහසිගත ජාලයක් බවයි. මෙය තේරී පත්වුණු ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයෙන් ස්වාධීනව හෝ ඊට මුවාවෙමින් සිය අභිමතය පරිදි ක්‍රියාත්මක විය හැක.

ජනප්‍රිය පුවත්  හිටපු ජනාධිපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙක්ට සිරසේ පුද්ගලයෙක් පහරදෙයි…!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x