August 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස: කිසිඳු මතයක් නොකියා උපුල් කුමරප්පෙරුම නිහඬයි..

1 min read

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය මගින් ගෙන ඒමට යෝජිත නව සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන හා නීති ක්ෂේත්‍ර තුළ දැඩි සංවාදයක් නිර්මාණය වී තිබේ.

මේ අතර, ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රමුඛ පෙළේ නීතිඥයකු මෙන්ම ජනාධිපති නීතිඥවරයකු වන උපුල් කුමාරප්පෙරුම මහතා මෙම විෂය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නොකර නිහඬව සිටීම බොහෝ පාර්ශවයන්ගේ අවධානයට ලක්ව ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත්වලට අනුව, අදාළ වයස් සීමා සංශෝධනයට තමාගේ එකඟතාවයක් නොමැති බව කුමාරප්පෙරුම මහතා සිය සමීපතමයන් හා වෘත්තීය සගයන් හමුවේ පවසා ඇති බව කියැවේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ ‘ජාතික ජන බලවේගයේ නීතිඥයෝ’ සංවිධානය වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ ඔහු, මෙවැනි තීරණාත්මක නීතිමය සංශෝධනයකදී නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම විශේෂත්වයකි.

පසුගිය මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණද පාර්ලිමේන්තුවට තේරී පත්වීමට අවශ්‍ය මනාප ලබා ගැනීමට ඔහුට නොහැකි විය. ඔහු මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

රජයේ යෝජිත සංශෝධනය පිළිබඳව සමාජය තුළ විවිධ මතගැටුම් පවතින පසුබිමක, ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධානතම නීතිඥවරයකු මෙලෙස මෞන ව්‍රතයක් රැකීම නීති ක්ෂේත්‍රයේ ප්‍රශ්නාර්ථයක් මතු කර ඇත.

ජනප්‍රිය පුවත්  වෙනිසියුලාවේ නව අන්තර්කාලීන ජනපති ලෙස ඩෙල්සි රොඩ්රිගස් දිවුරුම් දෙයි!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x