June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අදානිට රජයෙන් වන්දි ගෙවයි!

1 min read

මන්නාරම සහ පුනරින් කලාපවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ සුළං විදුලි ව්‍යාපෘතියෙන් ඉන්දියානු අදානි සමූහය ඉවත් වීමත් සමඟ, ඔවුන්ට ලබා දිය යුතු වන්දි මුදල තක්සේරු කිරීමේ වගකීම විෂය භාර අමාත්‍යාංශයට පැවරීමට රජය පියවර ගෙන ඇත.

අදාළ සමාගම ව්‍යාපෘතිය වෙනුවෙන් මෙතෙක් වැය කර ඇති මූලික පිරිවැය නිවැරදිව ගණනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කැබිනට් මණ්ඩලයේ උපදෙස් පරිදි සිදු කෙරෙන මෙම අධ්‍යයනයෙන් පසු, ගෙවිය යුතු අවසන් මුදල තීරණය කෙරෙනු ඇත.

දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම මුදල රුපියල් කෝටි 30 ත් 50 ත් අතර අගයක් ගනු ඇතැයි අනුමාන කෙරේ.

ඇමරිකානු ඩොලර් මිලියන 442 ක ආයෝජනයක් සහිතව මෙගාවොට් 350 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීම මෙහි අරමුණ විය.

පසුගිය රජය සමයේදී මෙම ව්‍යාපෘතිය සඳහා අදානි සමාගම සමඟ ගිවිසුම් අත්සන් කර තිබිණි.

වත්මන් රජය සමඟ පවත්වාගෙන ගිය මිල ගණන් පිළිබඳ සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීම හේතුවෙන්, ව්‍යාපෘතියෙන් ඉවත් වන බව එම සමාගම පසුගිය මැයි මාසයේදී නිල වශයෙන් දැනුම් දුන්නේය.

ජනප්‍රිය පුවත්  කෝටි අටදාහක පොහොර වංගුවක්.. ඩොලර් 290ට කසකස්තානයෙන් අරන් ඕමානයේදී Repack කර ඩොලර් 800ට කොළඹට…?

ව්‍යාපෘතිය අත්හැර දැමීමට ගත් තීරණයත් සමඟ, තමන් දැරූ මූලික වියදම් පියවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස අදානි සමාගම රජයෙන් ඉල්ලා ඇත.

රජයේ උසස් නිලධාරියෙකු තහවුරු කළේ මෙම ගෙවීම් සම්බන්ධ අවසාන තීරණය ගැනීමේ බලය මේ වන විට බලශක්ති අමාත්‍යාංශය සතු වන බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x