July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ල­යෙ­කුට, හක්ක පනි­න්න ගහපු කොළඹ අප­රාධ කොට්ඨා­සයේ පොලිස් පරීක්ෂක ජයතිලක රටින් පැනලා

1 min read

අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ල­යෙ­කුට හක්ක පනි­න­තුරු පහ­ර­දුන් බවට චෝදනා එල්ල වී සිටි­යදී, මිය­ගොස් ඇතැයි ප්‍රකාශ වූ කොළඹ අප­රාධ කොට්ඨා­සයේ හිටපු පොලිස් පරී­ක්ෂක ජය­ති­ලක නමැත්තා මේ වන විට ප්‍රංසයේ ජීව­ත්වන බව නීති­ප­ති­ව­රයා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

හක්ක පනි­න­තුරු තමාට පහ­ර­දුන් කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රී­න්ගෙන් රුපි­යල් ලක්ෂ 50ක වන්දි­යක් අය­කර දෙන්නැයි ඉල්ල­මින් තරු­ණ­යෙකු ගොනු­කර ඇති මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් කැඳවූ අව­ස්ථා­වේදී, නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි රජයේ නීතිඥ නිසංකා ප්‍රනාන්දු මහ­ත්මිය ඒ බව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දැනුම් දුන්නාය.

ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන් වන ජනක් ද සිල්වා, මේනකා විජේ­සු­න්දර සහ සම්පත් විජේ­රත්න යන මහත්ම මහ­ත්මී­න්ගෙන් සැදු­ම්ලත් විනි­සුරු මඬු­ල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.

දෙම­ට­ගොඩ පදිංචි නිලුක මධු­රංග නමැති තරු­ණයා ගොනු­කර ඇති මූලික අයි­ති­වා­සි­කම් පෙත්සමේ වග­උ­ත්ත­ර­ක­රු­වන් වශ­යෙන් කොළඹ අප­රාධ කොට්ඨා­සයේ හිටපු පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා සහ එහි පොලිස් පරී­ක්ෂක ජය­ති­ලක නමැත්තා ඇතුළු පිරි­සක් නම් කරනු ලැබ සිටිති.

පාතාල නාය­ක­යකු බව කියන ‘කංජි­පාණී ඉම්රාන්’ නමැ­ත්තාගේ ගෝල­යන් දෙදෙ­නෙ­කුට වස දීමට තැත් කළේයැයි කියන සිද්ධි­ය­කට අදා­ළව, කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් පිරි­සක් විසින් තමන් අත්අ­ඩං­ගු­වට ගත් බව පව­සන පෙත්ස­ම්කරු, එලෙස අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් අන­තු­රුව පොලිස් නිල­ධා­රීන් තමාගේ හක්ක පනි­න­තුරු පහර දුන් බව සඳ­හන් කරයි.

ජනප්‍රිය පුවත්  මකුල්පත සමූපකාරය මාලිමාව බිංදුවයි.!

පොලිස් නිල­ධා­රීන්ගේ පහර කෑමෙන් තමාගේ හක්ක පැනී­මෙන් පසු ඔවුන් වෙනත් නම­කින් තමා රෝහල් ගත කළ බවත්, ඉන් අන­තු­රුව තමන් මුදා හැර ඇති බවත් සඳ­හන් කරන පෙත්ස­ම්කරු, එම­ඟින් තමාගේ මූලික අයි­ති­වා­සි­කම් කඩවී ඇති බවට තීන්දු කර රුපි­යල් ලක්ෂ 50ක වන්දි­යක් අය­කර දෙන්නැයි ඉල්ලා සිටී.

පෙත්සම කැඳවූ අව­ස්ථා­වේදී පෙත්ස­ම්කරු වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ තනුක නන්ද­සිරි මහතා කරුණු දක්ව­මින්, මෙම මූලික අයි­ති­වා­සි­කම් නඩුවේ දෙවැනි වග­උ­ත්ත­ර­කරු වශ­යෙන් නම් කර ඇති කොළඹ අප­රාධ කොට්ඨා­සයේ පොලිස් පරී­ක්ෂක ජය­ති­ලක නමැත්තා මිය­ගොස් ඇති බවට තොර­තුරු ලැබී ඇති බැවින්, ඔහුගේ මිය­යෑම සම්බ­න්ධ­යෙන් තොර­තුරු දැන­ගැ­නීමේ අයි­ති­වා­සි­කම පිළි­බඳ පනත යටතේ තොර­තුරු ලබා ගැනී­මට තමන් කට­යුතු කර­මින් සිටින්නේ යැයි කීය.

එම අව­ස්ථා­වේදී වග­උ­ත්ත­ර­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි රජයේ නීතිඥ නිසංකා ප්‍රනාන්දු මහ­ත්මිය කරුණු දක්ව­මින්, දෙවැනි වග­උ­ත්ත­ර­කරු මේ වන විට ප්‍රංසයේ ජීවත් වන බවත් ඔහු වෙනු­වෙන් පෙනී සිටී­මට නීති­ප­ති­ව­රයා බලා­පො­රොත්තු නොවන බවත් අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නාය.

ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගනි­මින් පෙත්සම විභා­ග­යට ගැනී­මට තීර­ණය කළ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය, මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම් විභා­ගය නොවැ­ම්බර් 30 වැනිදා දක්වා කල් තැබීය.

ජනප්‍රිය පුවත්  සමූපකාර ඡන්ද "එක මිටට" පරාදයි!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x