July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග ට එරෙහිව මහාධිකරණය දුන් නියෝගය

1 min read

ඉඩමක් ගොඩකිරීම සඳහා අවසර ලබාදීමට අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධ නඩුවෙන් වරදකරු කර ඊට නියම කළ රුපියල් ලක්ෂ 100ක වන්දි මුදල, 2027 වසරේ ජූලි මස 06 වැනිදාට පෙර ගෙවා නිම කරන ලෙස, හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට, කොළඹ මහාධිකරණය නියෝග කළේය.

අධිකරණය නියම කළ මෙම ගෙවීම් පැහැර හරිනු ලැබුවහොත්, අභියාචනාධිකරණ නියෝගය කඩකිරීමේ වරද යටතේ විත්තිකරුට වසර 9ක සිරදඬුවමක් නියම කරන බව ද කොළඹ මහාධිකරණය මෙහිදී අවධාරණය කර සිටියේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අදාළ වන්දි මුදල නියමිත කාලසීමාව තුළ ගෙවා නිම කරන බවට අධිකරණය හමුවේ පොරොන්දු වූහ. එම පොරොන්දුව සැලකිල්ලට ගත් අධිකරණය විත්තිකරු මුදාහැරීමට පියවර ගත්තේය.

ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 640ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු වරදකරු වී තිබිණි.

එම වරදට රුපියල් ලක්ෂ 250ක දඩයක් සහ ලක්ෂ 100ක වන්දියක් ගෙවන ලෙස කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග කර තිබූ අතර, එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් වූ අභියාචනයක තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා මෙම නඩුව කැඳවා තිබුණි.

ජනප්‍රිය පුවත්  අලුත්ගම දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කෙරේ..

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x