July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට ඇප

1 min read

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා රජය මගින් ලබාදුන් බඩ ඉරිඟු බීජ තොගයක් සිය දේශපාලන හිතවතුන් අතර බෙදා දී දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට අද (01) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දෙන ලදී.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර තිබූ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර හිටපු අමාත්‍යවරයාට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව, රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට විනිසුරුවරයා නියෝග කළේය.

2014 වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ මෙම වංචාව සිදුව ඇති බව අල්ලස් කොමිසම පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ගොවීන්ට සහන මිලට ලබාදීම සඳහා රජයේ වියදමින් ගෙන්වන ලද බීජ බඩ ඉරිඟු කිලෝග්‍රෑම් 36,000ක ප්‍රමාණයක්, එවකට පැවති ජනාධිපතිවරණයේදී දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් සිය හිතවතුන් අතර බෙදාදීමට කටයුතු කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

ජනප්‍රිය පුවත්  හාමුදුරුවරු ඝාතනය කළ ජ.වි.පෙ. මේ හදන්නේ කුමකට ද? එජාපය ප්‍රශ්න කරයි.

මෙහිදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ට බලපෑම් කරමින් මෙම බීජ තොගය ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

නඩුවට අදාළ වැඩිදුර විභාගය ලබන ජූලි මස 22 වැනිදා පැවැත්වීමට අධිකරණය තීරණය කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x