June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රුපියල සහ ඉරණම

1 min read

ඉදිරි සති දෙක ගෙවෙන විට රුපියල ඩොලරයට සාපේක්ෂව 350 දක්වා පහළ වැටෙණු ඇතැයි කියන්නේ බැංකුවල ලොක්කන්ය. රුපියල මෙහෙම නිකම්ම වැටෙන්නේ නැත. රුපියල මෙහෙම වැටෙන්නේ අවශ්‍යතාවයේ ප්‍රමාණයට ඇමරිකානු ඩොලර් රට තුළ නැති නිසාය. ඉල්ලුම සපුරන්නට තරම් ඩොලර් මෙරට මූල්‍ය වෙළඳපොළ තුළ නැති නිසාය.

මෙහිදී ආණ්ඩුවට කළ හැක්කේ කුමක් ද? කළ හැකි දේවල් ගැන හිතත්දී ඇත්තේ උත්තර ගොඩක් නොවේ. සමහර කල හැකි දේ උපකරණම ය වේ. අනෙක් කළ හැකි දේ ප්‍රතිපත්තිම ය වේ.

ප්‍රතිපත්තිමය යනු ආනයන සීමා කිරීම වැනි තීරණ ය. ඒවා අයත් වන්නේ ප්‍රතිපත්තිමය තීරණ ගණයට ය. උපකරණමය තීරණ යනු, විදේශ වත්කම් සංචිතය තුළ වන ඇමරිකානු ඩොලර් මූල්‍ය වෙළඳපොළට විකුණා ඇති වී තිබෙන ඩොලර් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට හැකි තත්වයක් ඇති කර දීමය.

අනුර කුමාරගේ ආණ්ඩුව මීට සතියකට දෙකකට කලින් මේ උපකරණමය පියවර ක්‍රියාත්මක කළේය. විදේශ වත්කම් සංචිතය සතු ඇමරිකන් ඩොලර් මිලියන 17 ක් මූල්‍ය වෙළෙඳපොළට විකුණා දැමුවේ ඒ අනුවය. එහෙත් එමඟින් වූයේ බිලියන 7 කට ලගා වී තිබූ විදේශ වත්කම් සංචිතය නැවතත් බිලියන 6 මට්ටමට ඇද වැටීමය. රුපියලේ ඇද වැටීම එයින් පාලනය වූයේ නැත.

ජනප්‍රිය පුවත්  පරලවීමට එරෙහිව සරලවීම

රුපියල් මේ ඉරණමට ඇද වැටුණේ ගොන් ආණ්ඩුවේ ගොන් ප්‍රතිපත්තිමය තීරණ නිසාය. ඒ සඳහා දිය හැකි එක් උදාහරණයක් වනුයේ වාහන ආනයනයට යළි අවසර දීමය. අධික බදු ගසා වාහන ආනයනයට අවසර දීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් කෙටි කාලයක් තුල රටෙන් එලියට ගියේය. ආණ්ඩුවට බදු ලැබුණේ රුපියල් වලින් ය. රටෙන් එලියට ගියේ ඇමරිකන් ඩොලර් ය. රුපියල් ටික ගොඩගසාගෙන මහා භාණ්ඩාගාරය පිරී ඉතිරී ඇතැයි පාරම් බෑවේ ආණ්ඩුවේ මල් පැල ය. රුපියල් වලින් මහා භාණ්ඩාගාරය පිරී ඉතිරි ගිය ද එමගින් වූයේ මෙරට මූල්‍ය වෙළඳපොළ තුළ තිබූ ඩොලර් වේගයෙන් එලියට ඇදී යාමය.

ප්‍රතිපත්තිමය තීරණය ආණ්ඩුව මෙසේ ගත්තේ නම්,

“වාහන ගෙන් විය හැකිය. නමුත් ඒ සඳහා බැංකුවලින් ණයවර ලිපි නිකුත් කළ නොහැකිය. සල්ලි ඇති අයට මුලු මුදල ගෙවා වාහන ගෙන්වීමට ඉඩ ඇත.”

එසේ වූයේ නම්, වාහන ගෙන්වන්නේ අත්‍යාවශ්‍යම අය පමණි. එසේ වූයේ නම් ඇමෙරිකානු ඩොලර් එච්චර තොගයක් රටෙන් එලියට යන්නේ නැත. ඒ එක උදාහරණයක් පමණි.

රුපියල වැටෙන එක වළක්වන්නට උපකරණමය උත්තර දැන් ආණ්ඩුව සතුව ඇත්තේ නැත. එයට හේතුව විදේශ වත්කම් සංචිතය ද එවැනි මැදිහත්වීම් කරන්නට තරම් ශක්තිමත් නැති නිසාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දී තිබූ මඟපෙන්වීම අනුව මේ වසර අග වන විට ශ්‍රී ලංකාව තම විදේශ වත්කම් සංචිතය ඩොලර් බිලියන 10 ට ළඟා කරගෙන තිබිය යුතුය. එහෙත්, වෙමින් පවතින්නේ, එය වේගයෙන් ඩො. බිලියන 6 සිට පහලට ඇද වැටෙමින් තිබීම ය.

ජනප්‍රිය පුවත්  අර්බුදයේ පාලනය කොතැනක නතර වනු ඇත් ද?

සංචාරක ව්‍යාපාරයේ ආදායමද දැන් ඇත්තේ ඇද වැටෙමින්ය. අපණයන ආදායමද ඇත්තේ බිඳ වැටෙමින් ය. ආනයන ආදායම දවසින් දවස ඉහළ යන්නේ ය. අපණයනය හා ආනයනය අතර පරතරය විශාල ලෙස වැඩි වන විට ඒ පරතරය පියවන්නට සිදුවන්නේ ණය අරගෙනය. මේ වසරේ දී ණය වශයෙන් ලැබෙන්නට නියමිතව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 700 ක් පමණ ය. ගෙවන්නට ඇති ණය වාරිකවල අගය ද ඩොලර් මිලියන 350 ට වැඩිය. එයින් කියැවෙන්නේ මූල්‍ය අරමුදලේ ණය සොච්චමද “ආවා-ගියා” තත්වයට පත්වන බව ය.

තත්වය ඉදිරියේ දී තවත් භයානක වනු නිසැකය. මෙරට රුපියල වේගයෙන් බිඳ වැටෙන විට අපනයනකරුවෝද තමන් උපයන විදේශ විනිමය කඩිනමින් ලංකාවට ගෙන එන්නේ නැත. ඔවුන් ඒවා ගෙන එන්නේ, රුපියල තවත් වැටෙන විටය. ඒ ඔවුන් ගෙන එන ඩොලරයට වැඩි රුපියල් ප්‍රමාණයක් ලබා ගැනීමේ උවමනාව සංසිඳුවා ගැනීමට ය.

දැන් ලංකාවේ මූල්‍ය ආර්ථිකය අවිනිශ්චිතය. කොටස් වෙළඳපොළ ද බිඳ වැටෙන ලකුණු පහල වී අවසන් ය. හමන්නට නියමිත කුණාටුව සුළු පටු එකක් නොවේ ය. වසර අවසාන වන විට මේ කුණාටුව සුළි කුණාටුවක් දක්වා වැඩෙන්නට ඇත්තේ වැඩි හැකියාවක් ය.

ජනප්‍රිය පුවත්  කෝ මේ රංග?

මේ කුණාටුසහගත අවස්ථාව තම අත්පත්කරගැනීමේ මොහොත බවට පත් කර ගැනීමට ඇමරිකාව, ඉන්දියාව වැනි භූ දේශපාලන බලවතුන් ක්‍රියා කරනු ඇති බව පැහැදිලි ය. ශ්‍රී ලංකාව සිය ස්වෛරීත්වය අහිමි කර ගන්නා ඉරණමට ඇද වැටෙනු ඇත්තේ මෙතැන දී බව අපටනම් පැහැදිලි ය. ජ.වි.පෙ. ආණ්ඩුව රඟදක්වන්නේ නීරෝගේ භූමිකාව ය. ගිනි ගත්තේ රෝමය ය. විනා වාදනය කළේ නීරෝ ය. ජ.වි.පෙ. යන්නේ ද නීරෝ ගිය පාරේම ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x