May 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බිලියන් බිමල් !

1 min read

ජ.වි.පෙ. වෙන්ඩ ලේකම් බිමල් රත්නායක පසුගියදා පාර්ලිමේන්තුවේදී අපූරු ප්‍රකාශයක් සිදු කළේය.

“අපි මාවරමණ්ඩියේ හිටපු හිගන්නා නොවෙයි. අපිට ඒ නිසා පර්චස් 4 ගෙවල් වෙනුවට කෝටි පහේ අපිට එහෙම ප්‍රශ්ණයක් තිබුණේ නෑ. කවදාවත් මට නම්, මේ රටේ ජීවත්වෙද්දී කිසිම ප්‍රශ්ණයක් තිබිලා නෑ. නලින්ද මන්ත්‍රීතුමාට එහෙම අහේනිය සම්බන්ධ ප්‍රශ්ණයක් තිබිලා නෑ. අපි දුප්පත්කම දැකලා නෑ. මට දුප්පත්කම අදාළ නෑ.”

බිමල් රත්නායක කීවාට බිමල්ගේ ජීව විද්‍යාත්මක වාසගම විය යුත්තේ රාජපක්ෂය. ඒ, 1970 ගණන්වල තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ලබා දුන් පලමු බැංකු පත්වීම ලබාදුන්නේ බිමල්ගේ අම්මාට වන නිසාය. බිමල්ගේ නීත්‍යානුකූල තාත්තාගේ නමෙහි වන වාසගම වීරකෝන්ය. බිමල් රත්නායක නමැති වාසගම යොදාගන්නේ අම්මගේ නමින් අහුල ගෙනය.

බිමල්ගේ තාත්තා මහින්ද රාජපක්ෂගේ දේශපාලන සගයෙකි. මහින්ද රාජපක්ෂ තම පළමු බැංකු පත්වීම බිමල්ගේ අම්මාට දුන්නේ ඒ හන්දාය. ඒ කාලයේ රජයේ බැංකුවක රස්සාවක් ලැබුනොත් මුලු පවුලම ගොඩය. බිමල්ගේ පවුල ගොඩගියේ එහෙමය. තමන් සේවය කළ බැංකුවෙන්ද අඩු පොලියට ණයක් රැගෙන නුගේගොඩ පැත්තේ ඉඩමක තට්ටු දෙකක නිවසක් සාදාගෙන සුවපහසු ජීවිතයක් තම දරුවන්ට උරුමකර දීමට බිමල්ගේ අම්මාට හැකිවිය. ඒ ඉතින් මහින්ද රාජපක්ෂට පින්සිදු වන්නටය. “අපි දුප්පත්කම දැකලා නෑ. මට දුප්පත්කම අදාල නෑ” යැයි හඩනගා මැතිසබයේ පැවැසීමට මේ බිමල්ට හැකි වී ඇත්තේ ඒ නිසාය.

ජනප්‍රිය පුවත්  කයියේ පැස !

බිමල් එහෙම කීවාට, බිමල්ගේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුගිය මැතිවරණ සමයේ තම හැම කතාවක්ම නිමා කලේ “කුසට සාගිනි ඉනට වැරැහැලි” ගැන කියමින්ය. ඒ කිව්වේ දුප්පත්කම ගැනය ! දුප්පත්කම නැමැති සතුරා පරද්දන අන්දම ගැනය. ඒ වුවත් බිමල් කියන්නේ දුප්පත්කම තමන්ට අදාල නැති බවය.‍ෙ

බිමල් නිවැරදිය. කන්ටේනර් 323 ක් පරීක්ෂාකර රට තුළට ගෙන ඒමට උදාවු වූ කල දුප්පත්කම අදාල වීමට හේතුවක් ඇත්තේ නැත. බිමල්ගේ දරුවන්ටවත් එවැනි අවධානමක් ඇත්තේම නැත. බිමලුයි බිමල්ගේ නෝනයි දෙන්නම ඉන්නේ පාර්ලිමේන්තුවේය. එහි ඇති රසමසවුලු බුදින විට බිමල්ලාට දුප්පත්කම අදාල වීමට හේතුවක් නැත.

දැන් බිමල්ලාට පන මෙන් සුරකින ප්‍රතිපත්ති නැත. IMF වට්ටෝරුව දැන් බිමල්ලාගේ ඇදහිල්ල බවට පත්ව අවසන්ය. විදුලිය බල මණ්ඩලය කෑලි කිහිපයකට වෙන් කර වෙන වෙනම විකුණන්නට සූදානම් කිරීම අද බිමල්ලාය කැපය ! රනිල් කරන්නට ගිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ඒ විදියටම හා ඊටත් වඩා නරකට කරගෙන යන්න බිමල්ලාට දැන් ප්‍රශ්ණයක් නැත. විදුලිය බිල ඕනෑතරම් ඉහල දැමීමට බිමල්ලාට දැන් හිතේ අවුලක් නැත. ඒ, ඉතින් දැන් දුප්පත්කම අදාළ නොවන නිසාය.

ජනප්‍රිය පුවත්  කෝ මේ රංග?

ප්‍රතිපත්ති අත් හල විට දේශපාලන ව්‍යාපාරවලට හා එහි සිටින නායකයන්ට හැම අතින්ම පොහොසත් වීමට හැකිය. පක්ෂ දුප්පත්වන්නේ ප්‍රතිපත්ති ගරුක වන විටය. ඉන්දියානු ව්‍යාප්තවාදය මුහුදු යාත්‍රාවක දමා දැන් මුහුදේ පාකර හැර තිබේ. වරායේ ඩොක්යාඩ් පරිශ්‍රය ඉන්දියාවට දුන්නේ පැය 48 න් ය ! ඩිජිටල් හැදුනුම්පත හැදීම පමණක් නොව, හදන වැඩේ බාරදෙන ටෙන්ඩරය දමන්නේද ඉන්දියාවය. ඉතින් ඒවා ප්‍රශ්න නොවන විට බිමල්ලාට දුප්පත්කම අදාළ නොවීම අපට තේරුම්ගත හැකිය.

ලාල්කාන්ත තට්ටු තුනේ මන්දිර හදන්නේ දැන් ඒ අය පොහොසත් නිසාය. විද්‍යාරත්න රිදීමාලියද්දේ ගම්මිරිස් වගා කර ලක්ෂ 20-30 සොයනනේ ඒ අය පොහොසත් නිසාය. පොලොන්නරුවේ ටී.බී. සරත්ලා ද අලුතින් ගෙවල් හදන්නේ දැන් මුන්දැලා පොහොසත් නිසාය. ඒ ගැන අපටනම් ඉරිසියාවක් ඇත්තේම නැත.

76 වසරක් තිස්සේ පැවැති එකම ප්‍රශ්ණය දැන් විසද ඇත. ඒ බිමල්ගේ දුප්පත්කම අතුරුදහන් වීමය ! පීඩිත පංතිය මෙතැන් සිට අදාල නැත! නිර්ධන පංතිය ද එසේමය. සාදුකින් පෙළෙනවුන් අන්තිම සටන සිදු කර අවසන්ව ඇත!

ඉතින් බිමල් ! ඇත්තටම අපට සතුටු විය හැකිද ? මේ ගෙවෙන්නේ අන්තිම සටනේ අන්තිම ටිකය. බාල ගල් අගුරු ද, මුදල් අමාත්‍යාංශයෙන් පිල්ලි ගහන ඩො.මි. 2.5 ද අපිට කියන්නේ අන්තිම සටනේ අන්තිම හරිය නියමෙට යනවා කියාය. කාට නැතත් අපටනම් පට්ට සතුටුය.

ජනප්‍රිය පුවත්  ‘දිත්වා‘ සහ දානය!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x