නීතිඥයෝ පිරී ඉතිරී යති !
1 min read
ශ්‍රී ලංකා නීතිඥ සංගමය රැස්කරන ලද විශේෂ මහා සභාව සඳහා දිවයින පුරා වෙසෙන නීතීඥයෝ 3000 ට අධික පිරිසක් සහභාගී වී ඇතැයි වාර්තා වේ.
එම විශේෂ මහා සභාව රැස්වෙන නීතිඥ සංගම් ශාලාවේ පහළ මාලය සහ උඩු මහලේ වන කොටසද නීතිඥයන් වෙතින් පිරී ඇතැයි අපගේ වාර්තාකරු පවසයි.
පෙ.ව. 11 ට ආරම්භවීමට නියමිතව තිබූ විශේෂ මහා සභා රැස්වීම මේ වන විට ආරම්භ කර ඇතැයි පැවසේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉතිහාසයේ වැඩිම නීතිඥවරු සංඛ්‍යාවක් සහභාගි වී ඇති විශේෂ මහා සභා රැස්වීම මෙය බව අපගේ ආරන්චිමාර්ග පෙන්වා දේ. මේ වන විට නීතිඥයින් 3500 ට ආසන්න පිරිසක් මහා සභාවට සහභාගි වී සිටින අතර, වාඩිවීමට හිස් අසුන් නොමැති බැවින් නීතිඥයන් විශාල පිරිසක් ශාලාවේ දෙපස හිටගෙන සිටින බවද පැවසේ.
ඊට අදාළ ඡායාරූප හා වීඩියෝ දර්ශන අප වෙත ලැබී ඇත. ඒවා මේ සමග ඵල කෙරේ.
- තරිඳු විජේමාන්න



