June 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

1 min read

කොවිඩ් වසංගතයට පෙර දෛනිකව ධාවනය කළ දුම්රිය ගමන් වාර ප්‍රමාණයට සාපේක්ෂව මේ වන විට ධාවනය වන්නේ, දුම්රිය ගමන්වාර 200කටත් අඩු ප්‍රමාණයක් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේ, කොවිඩ් වසංගතයට පෙර මිශ්‍ර දුම්රිය, සාමාන්‍ය දුම්රිය, තෙල් ප්‍රවාහන දුම්රිය සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ඇතුළු දෛනික දුම්රිය ගමන් වාර 420කට වැඩි ප්‍රමාණයක් ධාවනය වූ බවය.

කෙසේ වෙතත්, වසංගතයෙන් පසු එම ප්‍රමාණය 350කට පමණ සීමා වූ බවත්, පසුව එය 250කට ආසන්න මට්ටමකට පහත වැටුණු බවත් ඔහු පැවසීය.

මේ වන විට දෛනිකව ධාවනය වන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 200කටත් අඩු වී ඇති අතර, ධාවනය වන දුම්රිය පවා නියමිත කාලසටහන් අනුව ක්‍රියාත්මක නොවන බවට ඔහු චෝදනා කරයි.

එමෙන්ම නියමිත ගමන් වාර අතරින් දෛනිකව දුම්රිය ගමන් වාර අවලංගු වීමේ තත්ත්වයක්ද පවතින බවත්, අද (15) දිනයේදීද දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කර ඇති බවත් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  උගන්ඩාවෙන් ඩොලර් ගේන්නම් කියලා ආවේ… අන්තිමේ භාණ්ඩාගාරේ ඩොලර් ටිකත් උස්සලා… L බෝඩ් ආණ්ඩුවකට මීට වඩා දෙයක් බෑ…!

දුම්රිය සේවාවේ මෙම තත්ත්වය දිගින් දිගටම වර්ධනය වෙමින් පවතින බවද ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩිදුරටත් පවසයි.

දුම්රිය එන්ජින් නවීකරණය ප්‍රමාද වීමෙන් දුම්රිය සේවයට බලපෑම්

දිට්වා ව්‍යසනයෙන් පසුව දුම්රිය එන්ජින් නවීකරණ කටයුතු නිසි ආකාරයෙන් සිදුනොවීම හේතුවෙන් දුම්රිය සේවාව තවදුරටත් අර්බුදයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේ, ගෝලීය වශයෙන් ඉන්ධන අර්බුද පැවති අවස්ථාවල පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කළ යුතු වුවද, දුම්රිය දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවය.

මෙම තත්ත්වය හේතුවෙන් දිගින් දිගටම මහජනතාව දැඩි අපහසුතාවට පත්වන බවද ඔහු පෙන්වා දුන්නේය.

තලෙයිමන්නාරම් මාර්ගයේ දුම්රිය ධාවනය නතර වෙයි

දිට්වා ව්‍යසනයෙන් පසු තලෙයිමන්නාරම් මාර්ගයේ නවීකරණ කටයුතු සිදුකර තිබුණද, එම මාර්ගයේ දුම්රිය ධාවනයට අවශ්‍ය එන්ජින් හෝ දුම්රිය නොමැති වීම හේතුවෙන් කිසිදු දුම්රියක් ධාවනය නොවන බවට චෝදනා එල්ල වී තිබේ.

දෛනිකව එම මාර්ගයේ දුම්රිය ගමන් වාර හතරක් ධාවනය වූ නමුත්, මේ වන විට එම ගමන් වාර හතරද ක්‍රියාත්මක නොවන බව කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  මේ වසරේ පළමු මාස 04ට රුපියල කඩා වැටුණ හැටි මෙන්න

එම මාර්ගයට වෙන්කර තිබූ එන්ජින් වෙනත් මාර්ග සඳහා යොදවා ඇති බවත්, උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයටද බාධා මතුව ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

දුම්රිය ධාවනය කිරීම වෙනුවට දුම්රිය ධාවනය නොකිරීම තුළින් දුම්රිය දෙපාර්තමේන්තුවට ලාභයක් ලැබෙන බවට සාමාන්‍ය අධිකාරීවරයා ඇතුළු බලධාරීන් සිටින බවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේ, වගකිව යුතු නිලධාරීන් මේ සම්බන්ධයෙන් මැදිහත් වී පෙර පැවති මට්ටමටත් වඩා වැඩි දුම්රිය සේවාවක් ලබාදීමට කටයුතු කළ යුතු බවය.

උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ ප්‍රමාද බවට චෝදනා

දිට්වා ව්‍යසනයෙන් පසු උඩරට දුම්රිය මාර්ගයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළේය.

උඩරට දුම්රිය මාර්ගයේ නායයෑම් තත්ත්වයන් මීට පෙරද වාර්තා වී ඇති බවත්, 2022 වසරේදී කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුවූ නායයෑමකින් මාර්ගයට දැඩි හානි සිදුවූ අවස්ථාවක එය දින කිහිපයක් තුළ යථා තත්ත්වයට පත් කළ බවත් ඔහු පැවසීය.

එවකට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ඉංජිනේරුවන් කඩිනමින් කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  ආණ්ඩුවේ YouTuber  සුදාගේ ආරක්ෂාව ඉවත් කරයි!

කෙසේ වෙතත්, දිට්වා ව්‍යසනයෙන් පසු මාස හයක් ගතවී තිබියදීත් බලන සහ ඉහළ කඩුගන්නාව අතර නායගිය ස්ථාන යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විටත් සැලසුම් සකස් කරමින් සිටීම කනගාටුවට කරුණක් බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම පේරාදෙණිය පාලමේ කටයුතු අතරමග නතර වී ඇති බවත්, රඹුක්කන සිට කඩුගන්නාව දක්වා ප්‍රදේශ කිහිපයක දැඩි නායයෑම් තත්ත්වයන් පැවති බවත් ඔහු සඳහන් කළේය.

මෙම තත්ත්වය කඩිනමින් විසඳීමට හැකියාව තිබියදීත් ඒ සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් වගකීම දුම්රිය දෙපාර්තමේන්තුවට සහ රජයට පැවරෙන බවද ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩිදුරටත් පවසයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x