July 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දහස් ගාණක් ඉන්නකොට එක්කෙනෙක් දෙන්නෙක් ඉල්ලා අස්වෙන්න පුළුවන්, ඕවා ප්‍රශ්නයක් කරගන්න එපා – නලින්ද

1 min read

පළාත් පාලන ආයතන ප්‍රධානීන් වශයෙන් ජාතික ජන බලවේගයේ නියෝජිතයින් දහස් ගණනක් කටයුතු කරද්දී ඔවුන් අතරින් එක් අයකු, දෙදෙනෙකු විවිධ හේතුමත ඉල්ලා අස්වීමට හැකි බවත් එය දේශපාලනික ප්‍රශ්නයක් වශයෙන් සැලකීමට අවශ්‍ය නැති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ප්‍රශ්නය – මීගමුව නගරාධිපතිවරයා ඉල්ලා අස්වුණේ දේශපාලන බලපෑම් නිසාද ?


“කොහොමත් ඉතින් දාස් ගාණක් ඒ තනතුරු හොබවනකොට එක්කෙනෙක් දෙන්නෙක් විවිධ ආකාරයේ හේතු මත ඉවත්වෙන්න පුළුවන්. ඕවා වැඩිය දේශපාලන ප්‍රශ්නයක් කරගන්න එපා, ඒක හේතුකරගෙන ජී. එල්. පීරිස්ගේ ගෙදර දුවන්න ලෑස්ති වෙන්න එපා”


නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට කළමනාකරණ සහකාර නිලධාරීන් 228 දෙනෙකු බඳවාගැනීම වෙනුවෙන් ඊයේ (16) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපි මේ වනවිටත් ජනාධිපතිවරයා වෙත යවා ඇති අතර මීගමුව නගරාධිපතිවරයා ද මීට දින දෙකකට පෙර ඉල්ලා අස්වූයේය. ඊට පෙරත් නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් කිහිපදෙනෙකු ද ඉල්ලා අස්වී තිබුණි. ඔවුන් සියලු දෙනාම පවසා තිබුණේ පෞද්ගලික හේතූන් මත සිය තනතුරුවලින් ඉවත් වන බවකි.

ජනප්‍රිය පුවත්  එදා ඇමතිලාට හරි වැරැද්ද දකින්න කොන්දක් තිබුණා…! – ජෝෂප් ස්ටාලින්…

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x