ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් සෙබළු දෙදෙනෙකු බිමට වැටෙයි
1 min read
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පැවැති පුහුණු අභ්‍යාසයක් අතරතුර සිදු වූ අනතුරකින් ගුවන් භටයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ඊයේ (09) සවස් කාලයේ මෙම අනතුර සිදුව ඇත්තේ කඹ ආධාරයෙන් හෙලිකොප්ටරයක සිට බිමට බැසීමේ පුහුණුවක නිරතව සිටියදීය.
එහිදී තුවාල ලැබූ ගුවන් භටයන් දෙදෙනා කඩිනමින් පොළොන්නරුව මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් ගුවන් හමුදාව මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
