May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කෝටි අටදාහක පොහොර වංගුවක්.. ඩොලර් 290ට කසකස්තානයෙන් අරන් ඕමානයේදී Repack කර ඩොලර් 800ට කොළඹට…?

1 min read

ලෝක වෙළඳපොළේ ඉතා අඩු මිලට ලබාගත හැකි පොහොර, මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හුවා දක්වමින් වැඩි මිලට මිලදී ගැනීම හරහා රජය වසරකට රුපියල් කෝටි 8,000ක (රුපියල් මිලියන 80,000ක) දැවැන්ත මුදලක් අවභාවිත කරන බවට ජාතික ගොවිජන එකමුතුව බරපතල චෝදනාවක් එල්ල කරයි.
මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා කියා සිටියේ, රුසියාව සහ කසකස්ථානය වැනි කලාපවල පොහොර මිල ඉතා අඩු මට්ටමක පැවතියද, රජය හිතාමතාම මැද පෙරදිග කලාපයෙන් වැඩි මිලට පොහොර මිලදී ගැනීමට කටයුතු කරන බවයි.

තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ දත්තයන්ට අනුව කසකස්ථානයේ පොහොරමෙට්‍රික් ටොන් එකක් ඩොලර් 220ත් 320ත් අතර වන අතර කසකස්ථාන සමාගමක් කොළඹ වරායටම ගෙනත් බෑම සඳහා මෙට්‍රික් ටොන් එකකට ලබා දී ඇති මිල ඩොලර් 290කි.

මැද පෙරදිග රටවලින් (විශේෂයෙන් ඕමානයෙන්) මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 700ත් 800ත් අතර මිලකට රජය මිලදී ගනී.

එක මෙට්‍රික් ටොන් එකකින් රජය ඩොලර් 500කට අධික වැඩිපුර මුදලක් වැය කරයි.

මෙම ක්‍රියාවලිය හේතුවෙන් රටේ මුදල් නාස්ති වන බවත් යල් කන්නය සඳහා අවශ්‍ය වන යුරියා මෙට්‍රික් ටොන් ලක්ෂයක ප්‍රමාණය ගෙන්වීමේදී, ඩොලර් 500ක අතිරික්ත පිරිවැය අනුව ඩොලර් මිලියන 50ක (රුපියල් කෝටි 1,600ක) පාඩුවක් රටට සිදුවේ.

ජනප්‍රිය පුවත්  ඊළඟ ප්‍රහාරය ලංකාවෙ ද ? ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති !

මෙරට වාර්ෂික යුරියා අවශ්‍යතාවය වන මෙට්‍රික් ටොන් ලක්ෂ පහ ගෙන්වීමේදී, මෙම ක්‍රමය දිගින් දිගටම ක්‍රියාත්මක වුවහොත් රටට අහිමි වන මුදල ඩොලර් මිලියන 500කි (රුපියල් කෝටි 8,000කි).

කසකස්ථානයෙන් ඩොලර් 290ට පොහොර ගෙන්වන්නේ නම්, යුරියා පොහොර මිටියක් (හොන්ඩරයක්) ගොවියාට රුපියල් 7,000කටත් වඩා අඩු මිලකට ලබා දිය හැකිය. එහෙත් ඩොලර් 800ට ගෙන්වීම නිසා ගොවියාට මෙම සහනය අහිමි වී නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇත.

මෙහිදී තෙන්නකෝන් මහතා තවත් බරපතල සැකයක් මතු කළේය. එනම් කසකස්ථානයෙන් ඩොලර් දෙසිය ගණනකට ලබාගත හැකි පොහොර ඕමානයට ගෙන්වා, එහිදී නැවත ඇසුරුම් (Repack) කර වැඩි මිලට ශ්‍රී ලංකාවට ලබා දෙන්නේද යන්නයි.

මෙවැනි ජාත්‍යන්තර මාෆියාවන් පිළිබඳව රජය දැනුවත් වුවද, ඊට එරෙහිව පියවර නොගැනීම ගැටළු සහගත බව ඔහු සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x