ඉරාන තෙල් ගනුදෙනුව නිසා පැනවූ සම්බාධක කුණු කූඩයට දමයි.
1 min read
ලෝක බලවතුන් දෙදෙනා අතර සීතල යුද්ධය උත්සන්න කරමින්, ඉරානයෙන් බොරතෙල් මිලදී ගත් බවට චෝදනා කරමින් චීන පිරිපහදු මධ්‍යස්ථාන පහකට එරෙහිව ඇමෙරිකාව පනවා තිබූ සම්බාධක බලාත්මක කිරීම වළක්වමින් චීන වාණිජ අමාත්‍යාංශය විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.
සෙනසුරාදා දිනයේදී එනම් මීට පැය කිහිපයකට ප්‍රථම ප්‍රකාශයට පත් කළ මෙම තීරණය මගින් ඇමෙරිකාවේ ඒකපාර්ශ්වික සම්බාධක තවදුරටත් චීන සමාගම් මත ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන බවත්, සිය රටේ ව්‍යාපාරික ක්ෂේත්රය ආරක්ෂා කර ගැනීමට ඕනෑම පියවරක් ගන්නා බවත් චීනය අවධාරණය කර සිටින බව රොයිටර් (Reuters) පුවත් සේවය සහ ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි. දෙරට අතර පවතින ආර්ථික හා දේශපාලනික ගැටුම් මධ්‍යයේ චීනය ගත් මෙම සෘජු ක්‍රියාමාර්ගය ජාත්‍යන්තර දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව ඇති අතර, මෙය ඇමෙරිකානු බලපෑම්වලට එරෙහිව චීනය එල්ල කළ ප්‍රබල අභියෝගයක් ලෙස දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
