July 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇමෙරිකාව අභිබවා චීනය කෙරෙහි ලෝකයේ ප්‍රසාදය ඉහළ යයි.. – නවතම ජනමත සමීක්ෂණයකින් හෙළිවේ

1 min read

ලෝක බලවතුන් කෙරෙහි ගෝලීය ජනතාව දක්වන පැහැදීම සහ විශ්වාසය පිළිබඳව සිදුකළ නවතම ජනමත සමීක්ෂණයකදී ඇමෙරිකාව අභිබවා චීනය කෙරෙහි පවතින සුභවාදී ආකල්ප කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව හෙළි වී තිබේ.

ලෝක ප්‍රකට ‘පිව් පර්යේෂණ මධ්‍යස්ථානය’ (Pew Research Center) විසින් රටවල් 36 ක වැඩිහිටියන් 42,000 කට අධික පිරිසක් ඇසුරින් මෙම සමීක්ෂණය පවත්වා ඇත.

මෙම වාර්තාවට අනුව, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය ආරම්භ වීමත් සමඟ ඇමෙරිකානු නායකත්වය කෙරෙහි ගෝලීය වශයෙන් පැවති විශ්වාසය සැලකිය යුතු ලෙස බිඳවැටී ඇත. මීට පෙර ජෝ බයිඩන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අවසන් සමයේදී චීන ජනාධිපති ෂී ජින්පින්ට වඩා බයිඩන් කෙරෙහි ලෝක ජනතාව වැඩි විශ්වාසයක් තබා තිබුණද, 2023 සිට 2024 දක්වා කාලය තුළ එම ජනප්‍රියත්වය ක්‍රමයෙන් අඩු විය.

පසුගිය වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය ආරම්භ වන විට ලෝකයේ වැඩි පිරිසක් චීනයට වඩා ඇමෙරිකාවට ලැදි බවක් දැක්වූවද, වර්තමානය වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ.

පසුගිය වසර කිහිපය පුරා ඇමෙරිකාව කෙරෙහි වූ ප්‍රසාදය කෙමෙන් ගිලිහී යද්දී, චීන ජනාධිපති ෂී ජින්පින් කෙරෙහි ලෝක වැසියන්ගේ ප්‍රසාදය ක්‍රමයෙන් වර්ධනය වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, සමීක්ෂණයට ලක් කළ රටවල් 36 න් බහුතරයක මේ වන විට ඇමෙරිකාවට වඩා චීනය කෙරෙහි යහපත් ආකල්පයක් ගොඩනැඟී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

ජනප්‍රිය පුවත්  මේ වෙලාවේ අපි ආණ්ඩු කළේ රටේ වාසනාවට! වෙන අය හිටියා නම් රට්ටු දිවි නසාගෙන!

ලෝක දේශපාලන කටයුතුවලදී නිවැරදි තීරණ ගැනීම සම්බන්ධයෙන් ද ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා චීන ජනාධිපති ෂී ජින්පින් නිවැරදි තීන්දු තීරණ ගනු ඇතැයි ලෝක ජනතාව වැඩි වශයෙන් විශ්වාසය පළ කර ඇතැයි ද මෙම නවතම සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x