July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අගමැතිනිය බයෙන්!

1 min read

තමන් සිටින්නේ බියට පත්ව යැයි අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය ඇයගේ සමීප හිතවතියක සමඟ පවසා තිබේ. එසේ බියෙන් සිටීමට බලපෑ ඇති හේතුව ලෙස ඇය පවසා ඇත්තේ ජ.වි.පෙ කේඩරීය සාමාජිකයන්ගේ හා ආණ්ඩුවේ ඔත්තු සේවාවල සුපරීක්ෂණයට ඇයව ලක්කර තිබීමයි.
තම අමාත්‍යාංශයේ කටයුතුවත් නිසියාකාරව කරගෙන යාමට පක්ෂයෙන් නම් කර ඇති අය නිසා හැකි වී නැති බවද ඇය තම හිතවතිය හා පවසා තිබේ.
“මට වැඩ කරන්න දෙන්නේ නෑ – විතරක් නෙමේ කෝල් එකක් ගන්නත් බයයි යනුවෙන් තමන් පත්ව ඇති තත්ත්වය ගැන පවසා ඇති ඇය, ෆෝන් ටැප් කරලා, වාහනයට නැග්ගත් ඩ්‍රයිවර් පක්ෂයේ මිනිහෙක්, සිකියුරිටි එකත් එහෙමයි. මේ හැමෝම මගේ ඩෙලී මුවමන්ට් දිනපතා පැලවත්තට රිපොර්ට් කරනවා”. යනුවෙන් තවදුරටත් තත්ත්වය පැහැදිලි කර තිබේ.
“මට නිදහසක් තියෙන්න හවස 7ට විතර ගෙදරට ආවට පස්සේ විතරයි. ඒත් ෆෝන් එකවත් පාවිච්චි කරන්න බයයි”. යනුවෙන්ද අගමැතිනිය පවසා ඇත. ඇයට සවන් දුන් ඇගේ හිතවතිය ඈ සැනසීමට උත්සාහ කර ඇතත් එය සාර්ථක වී නැත. එම හිතවතිය ඇයගේ වෙනත් හිතවතියක් සමඟ පවසා ඇත්තේ හරිනි ඉක්මනට තීරණයක් ගනු ඇතැයි කියාය. – රවී බුද්ධදාස

ජනප්‍රිය පුවත්  හනීෆ් යුසුෆ්ගෙන් සමාජ මාධ්‍යයට පගාවක්!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x