July 18, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

WPC ගේ උකුළේ වාඩි වූ PC ගේ වැඩ තහනම් කරයි

1 min read

මකුලුගස්වැව පොලීසියේ කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ උකුළ මත වාඩි වූ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට පොලීසිය අද (17) පියවර ගෙන තිබේ.

පසුගිය (15) වැනි දින දඹුල්ල ගම්උදාව ක්‍රීඩාංගණයේදී පැවැති සංගීත සන්දර්ශනයක් සඳහා රාජකාරි වාර්තා කර සිටි අදාළ පොලිස් කොස්තාපල්වරයා පසුව රාජකාරි වාර්තා කිරීම සඳහා මකුලුගස්වැව පොලිස් ස්ථානයට පැමිණ තිබුණි.

එහිදී එහි පුටුවක් මත වාඩි වී සිටි මෙම කාන්තා පොලිස් කොස්තාපල්වරිය දැක ඇයගේ උකුළේ වාඩි වීමට පොලිස් කොස්තාපල්වරයා උත්සාහ ගෙන තිබුණි.

ඇතිවූ සිද්ධිය සම්බන්ධව කාන්තා පොලිස් නිලධාරිවරිය විසින් පොලිස් ස්ථානාධිපතිවරයා මාර්ගයෙන් ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරිවරයා වෙත පැමිණිලි කිරීමට පියවර ගෙන තිබේ.

පසුව සිද්ධිය සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා එම අවස්ථාවේදී බීමතින් සිට ඇති බවය.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරයා විසින් කාන්තා පොලිස් කොස්තාපල්වරියට අතවර කිරීමට තැත් කිරීම සහ රාජකාරි අවස්ථාවේ බීමතින් සිටීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් අනතුරුව අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x