මාලිමාව බලයට ආවේ හොරකම් නවත්තන්න.හැබැයි 2026 මේ ගතවුණු මාස හතරට පමණක් කළින් ආණ්ඩු වලට, අවුරුදු හතරක් ඇතුලත එල්ල වුණු චෝදනා වලට වැඩි ප්‍රමාණයක් මාලිමාවට චෝදනා එල්ල වුණා.
1 min read
මාලිමාව බලයට ආවේ හොරකම් නවත්තන්න.
හැබැයි 2026 මේ ගතවුණු මාස හතරට පමණක් කළින් ආණ්ඩු වලට, අවුරුදු හතරක් ඇතුලත එල්ල වුණු චෝදනා වලට වැඩි ප්‍රමාණයක් මාලිමාවට චෝදනා එල්ල වුණා.
විශේෂත්වය කළින් ආණ්ඩු වලට චෝදනා එල්ල වෙද්දී, ඒ අතර හිතුමනාපයට ජෙප්පො සහ එවකට විපක්ෂයේ ඩයල් ගහපු මඩ ඕන තරම් තිබුණා.
හැබැයි වර්තමානයේ විපක්ෂය හෝ කවුරුවත් මාලිමාවට මඩ ගහන්න නිර්භීත වෙන්නෙ නැහැ.
විපක්ෂය සහ හැමෝම මාලිමාවට බයයි.
මිනිහෙක් මාලිමාවට චෝදනා කරනවා නම් ඒ කරන්නේ ඩබල් චෙක් කරලා සහ සාක්ෂි අතේ තියෙනවා නම් විතරයි.
එහෙම පසුබිමකත් මේ මාස හතරකට මාලිමාවේ කොච්චර වංචා දූෂණ එළියට ආවද ?
කොටින්ම කළින් ආණ්ඩු වලට හොරකම් කළා කියලා ලංකාව ඇතුළේ චෝදනා තිබුනට, ජාත්‍යන්තරයේ නෝන්ඩි වුණේ නෑ.
ඒකට මාලිමා ආණ්ඩුව.
බලයට ඇවිල්ලා අවුරුදු දෙකයි. දැන් ජාත්‍යන්තරයටත් හොරකම් මාට්ටු වෙලා.
මාලිමාව ටෙන්ඩර් වලින් ගහන බව දැන් ඕබ්වියස්.
ප්‍රොජෙක්ට් නොකරන නිසා ඇමතිවරු සහ පැලවත්තේ ඩයල් පිස්සො වගේ රටේ හැම අත්‍යවශ්‍ය ටෙන්ඩරයකින්ම හොරකම් කරනවා.
ගල් අඟුරු ඉඳලා ගෑස්, හාල්, බැටරි වල ඉඳලා ඊ – පාස්පෝර්ට් ටෙන්ඩරය දක්වාම එහෙමයි.
ආණ්ඩුව හොරකම් කරනවා. ඩීල් දානවා.
මේ ගොල්ලො ටෙන්ඩර් වලින් ගහද්දී මුලින්ම තමන්ට ඩීල් එක දාන හොර කොම්පැනියක් අරන් එනවා.
පස්සේ ටෙන්ඩර් ස්පෙසිෆිකේෂන්ස් හදද්දී අදාල හොර කොම්පැනිය ෆිට් වෙන විදියට හදනවා.
එතනදිත් සමාගමක් ඉතිරි වුනොත් ඔවුන් අසාධාරණ විදියට ඉවත් කරලා එලිපිටම තමන්ගේ ඩීල්කාරයාට ටෙන්ඩර් එක දෙනවා.
මේ කට්ටිය ගල් අඟුරු ටෙන්ඩරයට ඒක කළා. ගෑස් ටෙන්ඩරයට ඒක කළා.
කොටින්ම ලංකාවේ ටෙන්ඩරයකට දැන් ඩීල් එකක් නොදා, කොමිස් නොදී ඇතුලු වීම පවා තේරුමක් නැති බවට ජාත්‍යන්තර ව්‍යාපාර අතර මතයක් හැදිලා.
ඉස්සර ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ / සේවා ටෙන්ඩරයකට සමාගම් බොහෝමයක් ඉදිරිපත් වුණා.
ඒ අතර ජාත්‍යන්තර සමාගම් බොහෝමයක් තිබුණා.
මාලිමාව බලයට ආවට පස්සේ අපේ ටෙන්ඩර් වලට ඇප්ලයි කරන සමාගම් ගණන අඩු වෙලා.
ඒ අතරිනුත් දැන් ඉන්නේ ධම්මික පෙරේරාගේ සමාගමයි, ඩමී සමාගම් දෙකයි, ඉන්දියන්කාරයොයි විතරයි.
පරණ පුරුද්දට ඇප්ලයි කරන ජාත්‍යන්තර සමාගම් නැවත ලංකාව දිහා බලන්නේ නැහැ.
ඔන්න දූෂන විරෝධි මාලිමා ආණ්ඩුව ලංකාව තියපු තැන.
හැබැයි මාලිමාව පහුගිය දවසක දාපු ඊ පාස්පොර්ට් ටෙන්ඩරයට මේ වැඩේ කරන්න ගිහින් හොට බිම ඇනගෙන.
මේ ටෙන්ඩරය නිකුත් කෙරෙන්නේ 2025 අප්‍රේල් මාසයේ 27.
වැඩේ වෙලා තියෙන්නේ මේ ටෙන්ඩරයට ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිලිගැනීමක් තියෙන යුරෝපයේ පෝලන්ත රජයට අයිති සමාගමක් ඉදිරිපත් වෙලා.
ඔහු සියලු සුදුසුකම් සැපිරු, ජාත්‍යන්තර සමාගමක්.
හැබැයි මාලිමා ආණ්ඩුව විසින් ඩීල්කාර පසුබිමක් සහිත දේශීය නියෝජිතයෙක් ඉන්න කොම්පැනියක්ට ටෙන්ඩරය ලබා දෙනවා.
මාලිමා ආණ්ඩුව තමන්ගේ ඩීල්කාරයන්ට ටෙන්ඩරය දෙන්න උවමනා නිසා පෝලන්ත සමාගම ටෙන්ඩරයෙන් නීතිවිරෝධි විදියට ඉවත් කරලා.
නමුත් ඔවුන් වෙනත් ජාත්‍යන්තර සමාගම් වගේ ආයේ ලංකාව දිහා බලන්නෙවත් නැහැ, හොර යක්කු කියලා ආපසු හැරෙන්න සුදානම් නැහැ.
ඒ සමාගම මේ දූෂණය පිළිබඳව පෝලන්ත රජය දැනුවත් කරලා.
දැන් පෝලන්තය මේ පිළිබඳව යුරෝපා සංගමයට පැමිණිලි කිරීමට සුදානම් වෙනවා.
පෝලන්තය යුරෝපා සංගමයේ බලවත් රටක්.
සමස්ථ යුරෝපයේ ගණුදෙනු සහ ව්‍යාපාර සියල්ල නියාමනය වෙන්නේ යුරෝපා සංගමයෙන්.
යුරෝපා සංගමය ලබා ගන්නා එක් තීරණයකින් රටකට සමස්ථ බටහිර යුරෝපයේම දොර ඇරෙනවා හෝ වැහෙනවා, එක රටක පමණක් නොවෙයි.
ලංකාවේ ආර්ථිකය මෙහෙමවත් ගැට ගහන් ඉන්න යුරෝපා සංගමය විසින් අපිට දීපු GSP බදු සහනය විශාල හේතුවක්.
GSP බදු සහනය ලබා දෙද්දී දූෂණ වංචා සිදු නොවීම, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් රැකීම වගේ කොන්දේසි බොහොමයක් පනවා තිබෙනවා.
මේ පැමිණිල්ල යුරෝපා සංගමයට ගියොත් මේ නිසාම අපේ GSP බදු සහනයට පවා තට්ටු වෙන්න පුලුවන්.
එමෙන්ම ශ්‍රී ලංකාවට යුරෝපයේ බොහෝ අවස්ථා අහිමි වෙන්න පුලුවන්.
කොහොමද හොරකම් නවත්තන්න ආපු ආණ්ඩුවේ වැඩ ?
බලයට ඇවිල්ලා අවුරුදු දෙකෙන් මුලු ලෝකයටම තමන්ගේ හොරකමක් නෝන්ඩි කරගත්තා.
තාමත් ‘අඥේ අපේ ආණ්ඩුව නම් හොරකම් කරඥ්ඥෑ’ කියලා කියන්න පුලුවන් ඉතාම නූගත් ඩෝබියෙකුට විතරයි
