May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලෝකය වසාගත් ඇමරිකානු ආධිපත්‍යය අවසන්වී යයි

1 min read

ඇමරිකාව විසින් මෙතෙක් පවත්වාගෙන ආ ලෝක ආධිපත්‍ය දැං බිඳ වැටී ඇත. සෑම ශත වර්ෂයකදීම ලෝක බලවතෙක් බිහිවීම විශ්වීය නියමයක් නොවුවද එය එසේම සිදුවිය. ඇමරිකාවේ මහා බලගතු යැයි කියාගත් අභිමාණයක් ලෝක අධිරාජ්‍යයත් බිඳවැටී ඇති බව දීර්ඝ කතෘ මංඩල ලිපියක් මගින්ද හෙළිකර ඇත.
ඇමරිකාව මේ පසුබෑමට ලක් වූයේ ලෝක යුධ බලවතුන් අතරින් මධ්‍යම පරිමාණයේ සිටින ඉරානය පරාජය කිරීමට නොහැකි වීමෙනි. මෙවර ඉරානයට පහරදීම සිදුවූයේ ලෝකයේ හොඳම සහ දක්ෂතම ගුවන් හමුදා දෙක සතු ඇමරිකාව සහ ඊශ්‍රායෙලයේ සුසංයෝගයෙනි. ඉරානයේ ස්ථාන 21000 කට ප්‍රහාර එල්ල කළ බවත් ඉරාන ගුවන් හමුදාව සහමුළින්ම විනාශ කළ බවත් ඉරාන ගුවන් අවකාශය තමන් සතු කරගත් බවත් ඇමරිකාව පවසන ලදී. නමුත් මෙම ප්‍රහාරයන් යුද්ධයේ මුල් සතිය තුළ එළෙසින්ම සිදු වුවද ඉන් පසුව ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල වූයේ ඉරාන අහසේ සිට නොව අරාබි මුහුදේ නැංගූරම්ලා සිටි යුධ නෞකා සහ ගල්ෆ් රටවල ඇමරිකන් කඳවුරු මූලික කරගෙනය. මේ වනවිට ඉරානය විසින් ඇමරිකන් ප්‍රහාර වල සාර්ථකත්වය ලෝකයට පෙන්වමින් සිටී. මෙම යුද්ධයට වසර 20 ක් තිස්සේ සූදානම් වූ ඉරානය, චීනයෙන් අපූරු භාණ්ඩ දහසක් පමණ ආනයනය කර තිබුණි. යුද්ධය ආරම්භ වීමත් සමගම රට පුරා මෙම අපූරු යුධ මෙවලම ස්ථානගත කර තිබූ අතර ඉහළ අහසට නැගි ඊශ්‍රායෙල් සහ ඇමරිකානු ගුවන් යානා වලට මෙම මෙවලම් පෙනී ඇත්තේ සත්‍යය ඒවා ලෙසය. ඇමරිකාවේ මිලියන ගනං වටිණා මිසයිල විනාශකර දැමීමට චීනය වියදම් කළේ ඩොලර් නෝට්ටු කිහිපයකි. ඇමරිකානු මිසයිල වල ඉලක්ක බවට පත්වූ ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධති ලෙස සකස් කර තිබුණේ හුලං ගසා පුම්බන ලද චීන ව්‍යාජ ගුවන් ආරක්ෂණ පද්ධතිය. මේ බව යුද්ධයේ දෙවන හා තුන්වන සතිය පසුවනවිට ඇමරිකාව සහ ඊශ්‍රායෙලය වටහා ගෙන තිබුණි. ඉන් පසුව ඉරාන ඉහළ අහසට නැග තෙල් පවා පිරවීම් සිදුකර ප්‍රදර්ශණාත්මක යුද්ධයක නිරතවූ මෙම දෙපිරිස ඉරානයෙන් පිටත සිට ප්‍රහාර එල්ල කිරීම දක්වා පසු බැස්සේ සත්‍යය ගුවන් ආරක්ෂක පද්ධති ගුහා වලින් එළියට ගෙන ප්‍රහාරක යානා 9 ක් බිඳවැට්ටවීමෙන් පසුවය.
ඇමරිකාව තම ලෝක අධිරාජ්‍යය පවත්වා ගෙන යාමට නම් ධනයෙන් යුධ ශක්තියෙන් තාක්ෂණයෙන් යෝධ පිමි පනින චීනයට අභියෝගයක් විය යුතුය. චීනයට වඩා ඉතා පහළ මට්ටමක පවතින ඉරානය හමුවේ පසුබැසීමට සිදුවූ ඇමරිකාවට චීනය සමග ගැටුමකට යාමට තරම් යුධ ශක්තියක් නැත. ඇමරිකාව සතු මිසයිල සංචිතයෙන් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉරාන යුද්ධයේ මාස එකහමාරක් ඇතුළත විනාශ කරගත්තේය. එම ප්‍රහාරයන්ද ඉතා අසාර්ථක බව වාර්තාවේ. විශේෂයෙන්ම ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් හෙළු ඩොලර් මිලියන සිය ගණනක් වටිණා බන්කර් බ්ලස්ටර් බෝම්බ සිය ගණනම අසාර්ථක විය. යම් ආකාරයකින් චීනය තායිවානය ආක්‍රමණය කළහොත් එයට මැදිහත්වීමට මේ වනවිට ඇමරිකාවට ශක්තියක් නැත. ඉරාන යුද්ධයේදී අසල්වැසි ගල්ෆ් රටවල ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකිවූ ඇමරිකාවට රුසියාව වැනි බලගතු රටකින් යුරෝපයට එල්ලවන තර්ජනයන් වළක්වාලීමට නෙටෝ රටවල් වලට ආරක්ෂාව සපයන්නේ කෙලෙසද යන්න මේ වනවිට දැවැන්ත ප්‍රශ්ණයකි. නැටෝවේ ලොකු අයියා වන ඇමරිකාව කියන දේ ඇසීමට දැන් ඔවුන් සූදානම් නැත. ඇමරිකාවේ අතිජාත මිත්‍රයින් වන සෞදි අරාබිය ඩුබායි වැනි රටවල් තම තෙල් චීනයට එරට මුදල් ඒකකය වන යුවාන් හරහා අළෙවි කිරීමට සූදානම්ය. ඩුබායි ඔපෙක් සංවිධානයෙන් ඉවත් වීම පිටුපස ඇත්තේ මෙවන් තීරණ ගැනීමේ ස්වාධීනත්වය රැකගැනීමටය. රුසියාව හා චීනය අතර මෙතෙක් ගණුදෙණු සිදුවූයේ ඩොලරයෙනි. දැං එකී ගණුදෙණු යුවාන් බවට පත්ව ඇත. ඉරානය අසල ඇමරිකානු නාවාක බාධකයක් තිබුණද ඉරාන තෙල් නැව් තඅන හතරක් දෛනිකව චීනය කරා යාත්‍රා කරමින් සිටී.
ලෝක බලවතාවීම සෑම සියවසකටම වරක් සිදුවන බව සත්‍යයක් ලෙස ඔප්පු කරමින් සිටින්නේ චීනයයි. ලෝකයේ අනාගතය මේ වනවිට රැඳී ඇත්තේ විද්‍යාවේ හා තාක්ෂණයේ අති දැවැන්ත සංවර්ධනය තුළය. ඇමරිකාව මූලික කොටගනිමින් ලෝකය හෙල්ලූ සිලිකොන් වැලි විප්ලවය මේ වනවිට චීනයට තායිවානයට ඉංදියාවට විතැන්වී අවසන්ය. පරිඝණක ලෝකයේ පැරණි දැවැන්තයාට අවශ්‍ය මූලද්‍රව්‍ය වල ලෝක ආධිපත්‍ය මේවනවිට චීනය සතුකරගෙන ඇත. පරිඝණක ස්මාර්ට් ෆෝන් පමණක් නොව රටක යුධ ශක්තිය පෙන්වන මිසයිල පවා ක්‍රියාකරවන චිප්ස් නිපධවන මෙම දුර්ලභ පාශාණ වල හිමිකරුවා යනු මීලඟ ලෝක බලවතාය. ඇමරිකාව මෙම දුර්ලභ පාශාණ හිඟයකට වසර ගණනාවක් තිස්සේ මුහුණ දෙමින් සිටී. චීනය යනු ඇමරිකාවට මෙම පාශාණ අපනයනය කළ රටය. මේ වනවිට උද්ගතව ඇති ලෝක බලඅරගලය තුළදී චීනය මෙම පාශාණ ඇමරිකාවට අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා ඇත. චීනය ගත් මෙම තීරණයට අභියෝග කිරීමට ඇමරිකාව විසින් චීනයට තෙල් සපයන වෙනිසියුලාව ග්‍රහණයට ගත් අතර ඊලඟට චීනයට තෙල් සපයන ඉරානයට පහරදුන්නේද ඉරාන තෙල් සහ්පත තම ගංහණයට ගෙන චීනය බියවැද්දීමටය. නමුත් එය සහමුළින්ම අසාර්ථක විය.
මේ සියළු තත්වයන් සලකා බලා New York Times පුවත් පත ලියූ අපූරු මාධ්‍ය සටහන කියවන්න
https://www.nytimes.com/…/opinion/america-rome-empire.html

ජනප්‍රිය පුවත්  කතක් නිරුවත් කල ප්‍රෙස්ටීජ් රබර් ලොක්කා රිමාන්ඩ්

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x