April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හෙළ බොජුන්හලේ වෙළෙද කුටි හතක් මාලිමාවේ හතකට!

1 min read

අඟුණකොළපැලැස්ස හෙළ බොජුන්හලේ වෙළෙදකුටි හතක් ජාතික ජනබලවේගයට දේශපාලනයට කළ හත් දෙනකුට ලබා දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී අමිල කුමාරසිංහ පසුගියදා පැවැති අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදී හෙළි කළේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයකුගේ බිරිඳකටද මෙම වෙළෙදසැලක් ලබා දී ඇති බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය. අමිල මන්ත්‍රීවරයා විසින් වෙළෙදසැල් ලබා ගත් බව කියන තවත් පුද්ගලයන් කිහිපදෙනකුගේ නම් සභා රැස්වීමේදී ඉදිරිපත් කරනු ලැබීය.

“මහජනතාවගේ බදු මුදල්වලින් මේවා හදන්නේ. ප්‍රාදේශීය සභාව හරහා යම්කිසි ව්‍යාපෘතියක් සකස් කරලා එය තමන්ගේ පාක්ෂිකයෝ හත් දෙනකුට දීලා. ඒවාට සාක්ෂි තියෙනවා. පෝළිම් බූත් හිටපු අය ඉන්නවා. එහෙම දෙන්න බැහැ රජයේ දේපළක්. මේ පෞද්ගලික දෙයක් නෙවෙයි. එහෙම දෙනවා නම් සභාවෙන් වැඩක් නැහැ. අඩු තරමේ සභාවවත් දැනුවත් කළේ නැහැ. මේ දීපු ක්‍රමයට කොහොමවත් කඩ දෙන්න බැහැ.”

වෙළෙදසැල් දුන්නැයි කියන හත්දෙනා ගැන සාකච්ඡා කිරීමට දිනයක් ලබා දෙන බවට සභාපති ධර්මදාස විජේසිංහ (ජාතික ජනබලවේගය) පැවසූ අතර මන්ත්‍රීවරයාගෙන් එයට විරෝධය එල්ල විය. මන්ත්‍රීවරයාගේ කතාවට අදහස් දක්වමින් සභාපතිවරයා පැවසූයේ ව්‍යාපාරිකයන් ගොඩනැගීමට තමන්ට අවශ්‍ය බවයි.

ජනප්‍රිය පුවත්  උතුරේ මහ විරු සැමරුම් ජයටම… ප්‍රධාන සැමරුම වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළේ….!

වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේද කීවේය.

“පාක්ෂිකයන් වෙන්න හෝ නොවන්න පුළුවන්. ව්‍යාපෘති වාර්තාවක් ලියලා ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනයක් අමාත්‍යංශයට යවලා ඒ අයගෙන් තෝරාගත් අයටයි දීලා තියෙන්නේ. මේ ගැන කතා කරන්න අවශ්‍ය නම් විශේෂ සභාවක් කැඳවිය හැකි බවද සභාපතිවරයා කීවේය.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x