April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තනි වූ කියුබාවට ස්පාඤ්ඤයෙන් නව පණක් !

1 min read

මීට පැය කිහිපයකට පෙර ට්‍රම්ප් නැවත වරක් කියුබාවට තර්ජනය කරයි. “ඊළඟට ගහන්නේ කියුබාවට ” යයි ට්‍රම්ප් නැවත ප්‍රකාශ කරයි.

වසර 60 කට වඩා වූ වෙළඳ සම්බාධක මැද්දේ රටේ වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව ලෝකයේ ඉහලටම ගෙන ආ කියුබාව නව බෙහෙත් වර්ගද සොයා ගනිමින් වෛද්‍යවරු යුරෝපා රටවල් වලටද සේවය සඳහා යවා ඇත. ඔලිම්පික් පදක්කන් ලබා ගන්නා තරම් දක්ෂ නිරෝගිමත් ජනතාවක් රටේ බිහිකළේ මෙම වෙළඳ සම්බාධක මධ්‍යයේය.

ට්‍රම්ප්ගේ ගෙරවිලි සහ අලුත් සම්බාධක ඉදිරියේ කියුබාව තනි වී නොමැති බව ඔප්පු කරමින් යුරෝපීය බලඇණිය ටොන් 120 කට අධික මානුෂීය ආධාර සමග කියුබාවට ළඟා වී තිබේ!

බලශක්ති අර්බුදය සහ මෑත වසරවල වඩාත්ම ආක්‍රමණශීලී තෙල් තහනම මධ්‍යයේ ස්පාඤ්ඤය සහ යුරෝපීය සන්ධානයක් කියුබාව බේරා ගැනීම සඳහා මෙසේ බලමුලු ගැන්වී ඇත.

මෙය කියුබාවට සදාචාරාත්මක හා දේශපාලනික ජයග්‍රහණයකි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය තෙල් සැපයුම් කපා හැරීමෙන් කියුබානු ආර්ථිකය යටපත් කිරීමට උත්සාහ කරන අතර මෙම මානුෂීය බලඇණිය අත්‍යවශ්‍ය භාණ්ඩ ටොන් 120 ක් පටවාගෙන කියුබාවට පැමිණ තිබේ.

ජනප්‍රිය පුවත්  රනිල්ට ඇප ලැබේද? නොලැබේද? තවම තීරණයක් නැත

බ්‍රසීලය මෙක්ෂිකෝව සමග තවත් ලතින් ඇමරිකානු රටවල් කිහිපයක් දැනටමත් කියුබාවට ලබා දෙන සහයෝගයට මෙම සැන්චෙස් කණ්ඩායමද අද එකතු වේ.

මේ අනුව ට්‍රම්ප්ගේ කියුබාව සම්පූර්ණ හුදකලා කිරීමේ උපාය මාර්ගය ක්‍රියාත්මක නොවන බව පැහැදිලිව පෙන්නුම් කරයි.

කියුබා විරුද්ධ වොෂින්ටනයේ දේශපාලන පීඩනයට වඩා මානුෂීය ආධාර කියුබාව වෙත ලබා දීමට සැන්චෙස් සමග යුරෝපා සංවිධාන මේ වනවිට දැඩි ලෙස තීරණය කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x