April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරානයේ අලුත්ම ඉලක්කය මෙන්න

1 min read

මැදපෙරදිග ඇති ඊශ්‍රායල – අමෙරිකා විශ්වවිද්‍යාල ඉලක්ක කරන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු අඟවා තිබේ.

ඉරානයේ ටෙහෙරාන්හි පිහිටා ඇති විද්‍යා සහ තාක්ෂණික විශ්වවිද්‍යාලයට ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව කලාපයේ ඇති සියලුම විශ්වවිද්‍යාල නීත්‍යානුකූල ඉලක්ක ලෙස සලකන බවට ඔවුන් ප්‍රකාශ කර ඇත.

කලාපයේ ඇති අමෙරිකානු විශ්වවිද්‍යාලවල සියලු කාර්යය මණ්ඩල සාමාජිකයන්, සිසුන් සහ ඒ අවට පදිංචිකරුවන්ට එම ස්ථානවලින් ඉවත්ව සිටින ලෙසට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය දන්වා ඇති බව සඳහන්ය.

කලාපයේ එක්සත් ජනපද ආයතනවලට සිදු කරන ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීම සඳහා එක්සත් ජනපදය ඉරාන විශ්ව විද්‍යාලවලට බෝම්බ හෙලීම හෙළා දැකිය යුතුය.

අදාළ හෙළාදැකීම මාර්තු 30‌ වෙනිදා ඉරාන වේලාවෙන් දහවල් 12:00 ට පෙර සිදු කළ යුතු බවට ද ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x