April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කරමින් ඉරාන ජනපතිගෙන් ප්‍රකාශයක්!

1 min read

සාම සාකච්ඡා සහ මැදිහත්වීම් සම්බන්ධයෙන් නිකුත් කළ ප්‍රකාශයේදී, සාම සාකච්ඡා ඉරානය සමඟ නොව, මෙම ගැටුම ආරම්භ කළ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ කළ යුතු බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් මහතා අවධාරණය කර තිබේ.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, කලාපයේ සාමය වෙනුවෙන් ඉරානය කැපවී සිටින බවත්, නමුත් තම රටේ ගෞරවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ඕනෑම මොහොතක පෙනී සිටීමට පසුබට නොවන බවයි.

ඉරාන ජනතාවගේ ශක්තිය හා ජාතික අඛණ්ඩත්වය අවදානම් කිරීමෙන් යුද්ධය ආරම්භ කළ පාර්ශවයන් වෙත මැදිහත්වීම්ගේ අවධානය යොමු කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටින්නේ, අපි සාමයට කැමතියි, හැබැයි අපේ රටට අත තියන්න ආවොත් අපි බලාගෙන ඉන්නේ නැහැ.මේ යුද්ධය පටන් ගත්තේ අමෙරිකාවයි ඊශ්‍රායලයයි.ඒ නිසා සාම සාකච්ඡා කරන්න ඕනෙ අප එක්ක නෙවෙයි, ඒ රටවල් දෙකත් එක්කයි”

යනුවෙනි.කෙසේ නමුත් මෙම යුධමය තත්ත්වය මත මේ වනවිටත් ජීවිත හානි රැසක් සිදුව තිබේ.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x