ව්‍යාජ නිර්ප්‍රභූ ආණ්ඩුව යටතේ, ධම්මිකලා මහජන දේපළ කොල්ලකෑම!
1 min read
ඊයේ දිනයේත් සිවිල් ගුවන් සේවා අධිකාරියට විශේෂ අයදුම් පත්‍රක් ලැබුණා.
මේ අයදුම් පත්‍රය එවලා තිබුණේ ධම්මික පෙරේරා මහත්තයගේ හේලීස් ඒවිඒෂන් ආයතනයෙන්.
ඒ අනුව ඔවුන් කොළඹ – ලංඩන් විශේෂ ගුවන් ගමන් වාරයක් ඇරඹීමට අවසර ඉල්ලා තිබුණා.
බ්‍රිටිෂ් එයාවේස් සිදු කරන මේ ගුවන් ගමනේ, ශ්‍රී ලාංකේය නියෝජිතයා එසේත් නැත්නම් බලය ලත් නියෝජිතයා (GSA) ලෙස කටයුතු කරන්නේ ධම්මිකගේ හේලීස් ඒවිඒෂන්.
කොළඹ – ලංඩන් කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලාභදායක ගුවන් ගමන් සුලුතරය අතරින් එකක්.
මින්පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලාභදායකම ගමනාන්තය වූ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු ගුවන් ගමනටත්, ධම්මික පෙරේරා තරගකාරයෙක් ගෙන ආවා.
ඒ පිළිබඳව අපි ලියලා පැය 24 ක් ගත වන්නටත් පෙර කොළඹ – ලංඩන් ගුවන් ගමනටත් ඔහු තරගකාරයෙක් ගෙනල්ලා.
ඒ අනුව මෙය ධම්මික පෙරේරා විසින් කාලයක් තිස්සේ, ඉතාම සැලසුම්සහගතව, කල් යල් බලා සිදුකරන ක්‍රියාවක් බව පැහැදිලියි.
විටෙක ධම්මික පෙරේරා ඉතාම සොච්චම් මුදලකට ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලට ගැනීමට උත්සාහ කළා.
පසුව ඔහු එම උත්සාහය අත්හැරියා.
දැන් එක් පැත්තකින් ඔහු ආණ්ඩුවම මිලට අරන්, තමන්ගේ ගෝලබාලයන් ශ්‍රී ලංකන් අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කළා.
ඒ හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාලන බලය තමන්ට ලබා ගත්තා.
වර්තමාන ශ්‍රී ලංකන් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් අටදෙනා අතරින්, හතර දෙනෙක් සෘජුවම හේලීස් සහ ධම්මිකගේ සේවකයන්.
සභාපති සරත් ගණේගොඩ, ධම්මිකගේ සේවකයෙක්.
දැන් ධම්මික තමන්ගේ ගෝලයන් යොදාගෙන ශ්‍රී ලංකන් බිඳ දමන ගමන්, අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකන් ලාභදායි ගමනාන්ත සොරකම් කරමින් ඉන්නවා.
වෙනත් ගුවන් සේවයක GSA හෙවත් ජෙනරල් සේල්ස් ඒජන්ට් වීම ධම්මිකට සෑම අතින්ම ලාභදායකයි.
යම් හෙයකින් ගුවන් සේවය පාඩු වූවත් ඔහු පාඩු ලබන්නේ නැහැ. ගුවන් ගමනේ පාඩුව මව් සමාගමට.
නමුත් විකිණෙන සෑම ගුවන් ප්‍රවේශ පත්‍රයකම මුදල්, කොමිස් සියල්ල ධම්මිකට.
(ගුවන් සේවයක GSA වීමේ වාසි මාගේ පෙර ලිපියේ ලියලා තියෙනවා)
ඒ නිසා ජාත්‍යන්තර ගුවන් සේවා, පාඩු ලබන ගමනාන්ත වලට පැමිණෙන්නේ නැහැ.
ඉතින් ධම්මික ශ්‍රී ලංකන් ලාභ ලබන ගමනාන්ත ක්‍රමයෙන් විනාශ කරමින්, ඒ ගමනාන්ත වලට තරගකරුවන් ගෙන එමින්, ලාභය සොරකම් කරමින් ඉන්නවා.
එය ශ්‍රී ලංකන් ගුවන් සේවයම මිලට ගැනීමට වඩා වාසිදායකයි.
ධම්මිකට අවශ්‍ය ශ්‍රී ලංකන් ගුවන් සේවය නෙවෙයි. එහි කැරකෙන මුදල් සහ ලාභ.
අවසානයේ ශ්‍රී ලංකන් මිලට නොගත් ධම්මික, එහි ලාභ සහ මුදල් සොරාකමින් ඉන්නවා.
ධම්මික පෙරේරා නියම ව්‍යාපාරිකයෙක් වශයෙන් සාධාරණව සහ ස්වාධීනව කොළඹ – ලංඩන් නොවෙයි, කොළඹ – නෙප්චූන් ගුවන් ගමන් ආරම්භ කළත් අපිට කමක් නැහැ.
කොතරම් ගුවන් සේවා මෙරටට ගෙන ආවත් කමක් නැහැ. එය ඔහුගේ සර්ව සාධාරණ අයිතිය.
සැබැවින්ම අපි එය දිරිමත් කරනවා.
නමුත් එක් පැත්තකින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පාලනය කරන ගමන්, දේශපාලකයන් සහ ආණ්ඩු සල්ලි වලට අරන්, ඒ බලයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය බිඳ වට්ටලා, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලාභ මංකොල්ල කෑමට තරගකරුවන් ගෙන ඒම නීතිවිරෝධි, සදාචාර විරෝධි, තුච්ච වැඩක්.
මහ සමාජයේ භාෂාවෙන් කියනවා නම් ඉතාම නරක, විලිලැජ්ජා නැති වැඩක්.
සිංගප්පූරුවේ දී, ඇමෙරිකාවේ දී හෝ එංගලන්තයේ දී කිරීමට උත්සාහ කළා නම් හිරේ යන වැඩක්.
දැන් ඉන්දියාවේ පවා කළ නොහැකි වැඩක්.
මුදල් වලින් මිලට ගන්න පුලුවන් ආණ්ඩු සහිත ශ්‍රී ලංකාව වැනි රටක පමණක් කළ හැකි වැඩක්.
මේ දැනටමත් මහජනතාවට බරක් ව තිබෙන, මහජන බදු මුදල් මහා පරිමානයෙන් විනාශ කරන, ශ්‍රී ලංකන් ගුවන් සේවය තවතවත් විනාශ කිරීමක්.
නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය බංකොලොත්ව තිබිය දී අප වාර්ෂිකව රුපියල් බිලියන ගණනාවක් මේ ගුවන් සේවයට මහජන බදු මුදල් පොම්ප කරනවා.
ඒ බදු මුදල් පාලනය කිරීමේ බලය හිමි ආණ්ඩුවෙන් ලබා ගත් උදවිය, ඒ මුදල් සෘජුව සහ වක්‍රව තමන්ගේ පොකට්ටුවට දමා ගන්නවා.
ආණ්ඩුව ඇස් පියාගෙන ඔවුන් ආරක්ෂා කරනවා.
ඉතාම සාධාරණව, විනිවිදව ලෝකයේ ඕනෑම ගුවන් සේවයක් මෙරටට ගෙන ආවට අපිට කමක් නැහැ.
හැබැයි ශ්‍රී ලංකන් ඇතුළට රිංගලා, ශ්‍රී ලංකන් විනාශ කරලා, ශ්‍රී ලංකන් ලාභ කොල්ල කෑම මජර වැඩක්.
ධම්මික ලා සැබෑ ව්‍යාපාරිකයන් නොවන්නේ ඒකයි.
ඔවුන් මජර, දූෂිත, ශ්‍රී ලංකාව වැනි රටක පමණක් ගොඩනැගිය හැකි වංචාකාරයන්.
ධම්මික ලා ගොඩනැගුණා යැයි කී පසුගිය රජයන් යටතේ පවා ධම්මිකලාට මේ ආකාරයෙන් කොල්ල කෑමට ඉඩ ලැබුණේ නැහැ.
ඒ ධම්මික ලා හොඳ නිසා නොවෙයි. දූෂිත යැයි කියූ අතීත පාලකයන් පවා ධම්මික ලාගේ කැරැට්ටුව දැන සිටි නිසා.
නමුත් ධම්මික ලා වෙනුවට මහජනතාව රජ කිරීමට පැමිණි ව්‍යාජ නිර්ප්‍රභූ ආණ්ඩුවක් යටතේ, ධම්මික ලා අතීතයටත් වඩා බලවත්ව, ජනාධිපතිවරුන්ගේ සිට ඇමතිවරුන්ගේ ‘අයියා / මල්ලි’ වී, (මින්පෙර ඔහු නිකන්ම ධම්මික, ධම්මිකට ඔවුන් ‘සර්’) සෘජුවම මහජන දේපළ කොල්ලකෑම දෛවයේ සරදමක්.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
