June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නීතිඥයා සහ අපරාධකරු පාළු නිවසේ ‘අයිස්’ ගසද්දී මාට්ටු!

1 min read


කොළඹ අලුත්කඩේ අධිකරණයේ සේවය කරන නීතිඥවරයෙකු සහ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු (IRC) කෙසෙල්වත්ත, සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පාළු ගොඩනැගිල්ලක් තුළ ‘අයිස්’ මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ අංශයට ලද රහස් තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී, සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 130ක්, මත්ද්‍රව්‍ය භාවිතයට යොදාගත් වීදුරු කැබැල්ලක් සහ බටයක් ලෙස සකසන ලද මුදල් නෝට්ටුවක් ද පොලිස් භාරයට ගෙන ඇත.


අත්අඩංගුවට පත් නීතිඥවරයා 1996 වසරේදී වෘත්තියට පිවිසි, දිසා සහ මහාධිකරණවල නීති කටයුතුවල නිරත වන අයෙකු බවට ඔහුගේ ගමන් මල්ලේ තිබී සොයාගත් හැඳුනුම්පත මගින් අනාවරණය වී ඇත. ඔහු සමඟ අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු කළුබෝවිල, සරණංකර පාරේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x