පිටරට යනවා නම් සිරිමාවෝ මැතිණිය වගේ යන්න.. කොටපිටියේ රාහුල හිමිගෙන් හරිනිට උපදෙසක්!
1 min read
ජනාධිපතිවරයා විසින් මෑතකදී යාපනයේ දී සිදු කළ ප්‍රකාශ ඉල්ලා අස් කරගනිමින් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව පූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් පවසා තිබෙනවා.
එමෙන්ම රාජ්‍ය පාලකයින් යම් රටකින් වෙනත් රටවලට සංචාරය කිරීමේදී දේශීය අනන්‍යතාවය පිළිබිඹු කරන ඇඳුමක් අඳිමින් ලංකාවට ගෞරවයක් ලබාදිය යුතු බව ද උන්වහන්සේ පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (20) පැවති බෞද්ධ මහා සම්මේලනය අතරතුරදීය.
මෙරට රාජ්‍ය නායකයින් විසින් ලංකාවේ ජාතික ඇඳුම පහළම මට්ටමකට දමා ඇති බවද උන්වහන්සේ කියා සිටියා.
බණ්ඩාරනායක මැතිණිය වෙනත් රටවලට සංචාරය කරන විට ඔසරිය පැළඳ ගිය බවත්, එතුමියට ලෝකයේම විශේෂ ආකර්ෂණය ලබා ගැනීමට හේතු වූයේ එම පෞරුෂය හේතුවෙන් බවත් උන්වහන්සේ මෙහිදී පෙන්වා දී තිබෙනවා.
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ,
“අපේ ජාතික ඇඳුම හැකිතාක් හාවිතා කරන්න උනන්දු වෙන්න ඕනේ. අපේ සංස්කෘතියේ තිබිච්ච අපේ උත්සව පෙරහැරවල්, ධර්ම දේශනා දැන් අමුතු විදිහට යන්නේ. ඒ විතරක් නෙවෙයි යම් යම් අපිට ආවේණික වටිනාකම්, වටිනා සිරිත් විරිත් සීඝ්‍රයෙන් පහළ යමින් තියෙනවා. හිතාමතාම මේවා කරනවාද කියලා මට හිතෙනවා…”
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
