ඉන්දු – පකිස්ථාන් තරඟය බලන්න ජනපතිත් එයි!
1 min read
හෙට (15) දින කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ඉන්දීය – පකිස්ථාන 20යි 20 ක්‍රිකට් තරඟය නැරඹීමට ජනාධිපති අනුර කුමාර පැමිණීමට නියමිතව තිබේ.
ඒ අනුව හෙට ක්‍රීඩාංගනය හා ඒ අවට ප්‍රදේශය තුළ ආරක්ෂක විධි විධාන තර කර තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ 10,000 පිරිසක් ද, ක්‍රීඩාගාරය තුළ බුද්ධි අංශ නිලධාරීන් 2,000 ක පිරිසක් ද රාජකාරී සඳහා යොදවා තිබේ.
මේ අතර ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා කෙත්තාරාම ක්‍රීඩාංගනයේ වන සභාපති කුටිය ජනාධිපතිවරයාගේ පැමිණීම සඳහා මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාගේ ද පැමිණිම සඳහා සූදානම් කරමින් තිබේ.
ජනාධිපතිවරයාගේ පැමිණීම හේතු කොටගෙන ක්‍රීඩාංගණයට පැමිණෙන අයගේ වාහන සඳහා වන බලපත්‍ර නිකුත් කිරීම ද නවතා ඇත. ඉන්දීය හෝ පකිස්ථාන් තානාපති කාර්යාල මගින් කරනු ලබන ඉල්ලීම් සඳහා පමණක් වාහන බලපත්‍ර නිකුත් කිරීම සිදුකරමින් තිබේ.
ජනාධිපති අනුර කුමාර මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග වැදුණු ක්‍රිකට් තරගයක් නැරඹීමට පැමිණ නැත. තරගය නැරඹීමට ද ජ.වි.පෙ. ආධාරකරුවන් විශාල පිරිසක් ප්‍රවේශපත් ලබාගෙන තිබෙන අතර, ජනාධිපතිවරයා ක්‍රීඩා තරගය නැරඹීමට පැමිණි වහාම අත්පොළොසන් දීමට ද සියලු කටයුතු සූදානම් කර තිබේ.
රවින්ද අතපත්තු
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
