March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනපති 19 ඉන්දියාවට! ත්‍රිකුණාමලය වරායත් ඉන්දියාවට!

1 min read

යුද උපායමාර්ගික වශයෙන් ඉතා සංවේදී මර්මස්ථානයක් ලෙස සැලකෙන ත්‍රිකුණාමලය වරාය තුළ ඉන්දියානු සහ ඇමෙරිකානු ඒකාබද්ධ මිලටරි තිප්පොළක් ස්ථාපිත කිරීම පිළිබඳ තීරණය අවසාන වශයෙන් ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

විශේෂ සමුළුවකට සහභාගීවන බව කියමින් ජනාධිපතිවරයා මෙම 19 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. එහිදී මේ පිළිබඳව අවසාන එකඟතාව ඇති කර ගැනීම සිදු කෙරෙනු ඇති බව ඉන්දීය ආරංචි මාර්ග පෙන්වා දේ.

ජ.විපෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ වන විටත් ඉන්දියාවේ කැඳවීම අනුව එහි සංචාරයක නිරතව සිටින්නේ, ඉන්දියාවට අවශ්‍ය ත්‍රිකුණාමලය මිලිටරි ව්‍යාපෘතිය ඇතුළු සියලු ව්‍යාපෘති සඳහා ඔහු හරහා ජ.වි.පෙ. එකඟතාව ඇති කර ගැනීම පිණිස ය. ඉන්දියාවේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් ද ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා අප්‍රකටව මුණ ගැසී පුරා පැය 3කට මදක් වැඩි කාලයක් සාකච්ඡා පවත්වා තිබේ.

ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දියාව බලා ගොස් සිටින කණ්ඩායම. මෙහි භාෂා පරිවර්ථිකාව වන නීතිඥ කල්පනා මධුභාෂිණි ද වෙයි

මෙම හමුවීම සිදුවී ඇත්තේ නවදිල්ලියේ පිහිටි හෝටලයක දීය. එම සාකච්ඡාවේ භාෂා පරිවර්ථන කටයුතු වෙනුවෙන්, ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයාගේ භාෂා පරිවර්ථිකාව වන නීතිඥ කල්පනා මධුභාෂිනී සම්බන්ධ වී නොමැත. වාර්තා වන පරිදි සිංහල භාෂාව ප්‍රගුණ කර ඇති ඉන්දීය ජාතිකයකු මෙම හමුවේ භාෂා පරිවර්ථකයා ලෙස කටයුතු කර තිබේ.

ජනප්‍රිය පුවත්  ජනාධිපති නඩු ගැන බියෙන්!
ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා ඉන්දියානු විදේශ අමාත්‍ය එස්. සිවශංකර් හමුවීම

දැනට මාස 2කට පෙර ”ත්‍රිකුණාමලයේ ඉන්දු ඇමෙරිකා” ක්ෂණික ප්‍රතිචාර ”කඳවුරක්“ යන හිසින් අප අනාවරණය කළේ මෙම ව්‍යාපෘතිය පිළිබඳව ය. කරුණාකර එම පුවත ද මේ සමග පරිශිලනය කරන්න.

විශේෂ විමර්ශන අංශය

සබැදි පුවත

විශේෂ විමර්ශන අංශය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x