March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලංකා ඉතිහාසයේ ලොකුම වංචාව නොහොත් කෝටි 31000ක බාල ගල් අඟුරු වංචාව..

1 min read

” මීට කලිනුත් මෙහෙම වෙලා තියෙනවා… “

ආණ්ඩුවෙ වරද නිවැරදි කිරීමේ අලුත්ම සටන් පාඨය එයයි…

කන්ටේනර් 323 රේගුවෙන් හොරෙන් පැන්නූ විට කිව්වෙ එසේය…

බාල බෙහෙත් ගෙනත් මිනිස්සු මිය යන විට කිව්වෙත් එසේය…

දැන් ලංකා ඉතිහාසයේ සිදුවෙමින් පවතින දැවැන්තම වංචාව වන බාල ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් කියන්නේද එසේය….

මේ පිළිබඳව පිලිවෙලින් සවිස්තරාත්මකව විමසා බලමුද…

📕 ගල් අඟුරු වලින් විදුලිය උත්පාදනය කරන්නෙ ඇයි…?

ඩීසල් වලින් විදුලිය උත්පාදනය කරනවාට වඩා ගල් අඟුරු වලින් විදුලිය උත්පාදනය කිරීම ලාභදායී නිසාය..

📕 ලංකාවේ ගල් අඟුරු වලින් විදුලිය උත්පාදනය කරන්නෙ කොහේද…?

◾ ඒ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ.. ලක්විජය බලාගාරය මේ වන විට ඒකක තුනකින් සමන්විත වන අතර එමගින් නිපදවන සමස්ත විදුලිය ප්‍රමාණය මෙගාවොට් 900කි.

📕 මේ මස එනමි ජනවාරි 21 වැනිදා විදුලි නිෂ්පාදනය සඳහා මෙම ගල් අඟුරු යොදාගෙන ඇති අතර එහිදී මෙගාවොට් 300 වෙනුවට මෙගාවොට් 240 ක පමණ විදුලියක් ලැබී ඇති බවත් එසේ විදුලි ප්‍රමාණය අඩුවීමට හේතුව ගල් අගුරවල ප්‍රමිතිය අඩුවීම යැයි ලක්විජය බලාගාරයේ ඉංජිනේරුවරු සටහන් තබා ඇත.

◾ මෙම එක් ජනන යන්ත්‍රයක් සඳහා ආසන්න වශයෙන් දිනකට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 2500ක් අවශ්‍ය වන අතර සම්පූර්ණ බලාගාරයේ දිනක ගල් අඟුරු අවශ්‍යතාව ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් 7500 ක් පමණ අවශ්‍යය වේ.

◾ වසර පුරා නොරොච්චෝලේ දුවන්නට නම් ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 1.5ත් 1.7ත් අතර ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ කියන්නෙ ගල් අඟුරු නැව් 38-40 අතර ප්‍රමාණයක් අවශ්‍යය වෙනවා.
( මේ වන විට ඇණවුම් කර ඇත්තෙ නැව් 04 ක් පමණය. ඉදිරියේදී ගල් අඟුරු වලින් විදුලිය නිෂ්පාදනය කිරීම දැවැන්ත අර්බුදයක් නිර්මාණය වනු ඇත..)

◾ මැයි මාසයෙ සිට අගෝස්තු දක්වා කාලය තුළ වාරකන් සමය නිසා බලාගාරය පිහිටි ප්‍රදේශයට වසරේ සෑම කාලයකටම ගල් අඟුරු ගොඩ බෑ නොහැකිය

◾ එසේම එක් මාසයකට ගොඩ බෑ හැකි ගල් අඟුරු නැව් ප්‍රමාණයද 5කි. එමනිසා මාස 8ක කාලයක් තුළ ඉතිරි කාලයටත් ප්‍රමාණවත් වන පරිදි ගල් අඟුරු ගබඩා කරගත යුතුය.

ජනප්‍රිය පුවත්  ප්‍රජා ශක්ති තනි පක්ෂ ශක්තියකට ද ?

📕 මින් පෙර ලංකා නැව් සමාගම හරහා ගල් අඟුරු සැපයීම සිදු කළත් දැන් එම කාර්යය කරන්නේ ඒ වෙනුවෙන්ම ස්ථාපිත කළ ලංකා ගල් අඟුරු පුද්ගලික සමාගම (Lanka Coal Company (Pvt.) Limited) (LCC) හරහාය.

◾ මේ වනවිට ගල් අඟුරු ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් කැඳවීම ඇතුළු සියලු ප්‍රසම්පාදන කටයුතු එම සමාගම හරහා සිදුවන අතර මෙහි වැඩි අයිතිය පවතින්නේ ලංකා විදුලි බල මණ්ඩලය සතුවය.

📕 ගල් අඟුරු ගෙන්වීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන මොහොතේ සිට විශාල වංචා දුෂණ අක්‍රමිකතා රැසක් සිදුවී තිබෙනවා.

◾ ගල් අඟුරු ගෙන්වීමේදී දින 42 ක කාලයක් ප්‍රසම්පාදන කටයුතු සඳහා ලබාදිය යුතුයි. නමුත් එය දින 21 කට අඩු කර තිබෙනවා.

◾ ඒ නිසා දින 42 ක ප්‍රසම්පාදන ක්‍රියාවලිය දින 21 කට අඩු කිරිම හරහා ගල් අඟුරු සඳහා නිකුත් කරන ප්‍රසම්පාදන ක්‍රියාවලියට දායක වෙන්න බහුතරයක් සමාගම්වලට නොහැකි වෙලා තියෙනවා.
( ආණ්ඩුව කැබ් රථ ආනයනය සඳහා වූ ටෙන්ඩර් ක්‍රියාවලියේ දී ද මේ අයුරින්ම ක්‍රියා කළා)

📕 ගල් අඟුරු ටෙන්ඩරය ලබා ගැනීමට ලබා තිබිය යුතු සුදුසුකම් මොනවාද..?

◾ පසුගිය වසර 03 තුළ මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 5 ක් ගෙන්වා තිබිය යුතුයි යන කොන්දේසිය ලක්ෂය දක්වා අඩු කර තිබෙනවා.

◾ 5900KCal/kg අවම ප්‍රමිතිය සහිත ගල් අඟුරු මෙට්‍රික්ටොන් මිලියනයක වෙළඳ අත්දැකීමක් තිබීමේ කොන්දේසිය වෙනස් කර තිබෙනවා.

◾ ඒ වගේම එම සමාගම පසුගිය වසර තුන තුළ ඩොලර් මිලියන 150 ක ආදයමක් උපයා තිබිය යුතුයි.

📕 එතකොට මොකක්ද මේ බාල ගල් අඟුරු කියන්නේ…?

◾ කාර්යක්ෂම ගල් අඟුරු කිලෝ ග්‍රෑමයක අඩංගු විය යුතු කිලෝ කැලරි ප්‍රමාණය 6050 – 6200 ක් විය යුතුය.

◾ කැලරි ප්‍රමාණය 5900 – 6050 ත් අතර නම් දඩයක් ගහනවා.

📕 කැලරි ප්‍රමාණය 5900 ට වඩා අඩු නම් ගල් අඟුරු තොග ප්‍රතික්ෂේප ( Reject ) කළ යුතුයි.

ජනප්‍රිය පුවත්  ජෙෆ්රි එප්ස්ටීන්ගේ "රහස් ලිපිගොනු" සහ ශ්‍රී ලංකාව?

( මීට පෙර Trafigura නම් ඉන්දුනීසියානු සමාගමක් එම ප්‍රමිතියෙන් බාල ගල්අඟුරු ආනයනය කර එම තොගය ප්‍රතික්ෂේප කර නැව හරවා යැව්වා පමණක් නොව එම සමාගමේ ඇණවුම පවා අවලංගු කළා. )

ප්‍රශ්ණය ආරම්භ වන්නෙ දැනුයි…

📕 මේ ආණ්ඩුව ගෙන ආ ගල් අඟුරු තත්වයෙන් බාල බවත් ටෙන්ඩර් පටිපාටියෙ පටන්ම වංචාවක් සිදු වී ඇති බවත් ඩී වී චානක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා.

📕 මීට පෙර ලක්විජය බලාගාරයට ගෙන්වන්නේ දකුණු අප්‍රිකාවේ සහතික ලත් ගල් අඟුරු. නමුත් Trident Chemphar සමාගම ශ්‍රී ලංකාවට ගෙන්වා තිබෙන්නේ ඉන්දුනිසියානු ගල්අඟුරු බව සනාථ වී තිබෙනවා.

📕 Trident Chemphar සමාගම මීට පෙර ගල් අඟුරු ලබා දුන් සමාගමක් නොවේ ඔවුන් විසින් සතොසට සහල් මෙට්ට්‍රික් ටොන් තිස් දහසක් වෙනුවෙන් ලන්සු තියලා තිබෙනවා. (එවැනි ආයතනයකට තමයි ආණ්ඩුව ගල් ඇඟුරු ගෙන්වීම සඳහා ටෙන්ඩරය ප්‍රදානය කර තිබෙන්නේ.)

📕 මෙම ගල් අඟුරු ශ්‍රී ලංකාවේ දි සිදු කළ පරීක්ෂණ 04 කින් සහ සහ ඉන්දියාවේදි සිදු කළ තත්ව පරීක්ෂණ යන දෙයාකාරයෙන්ම අසමත් වී තිබෙනවා.

📕 මෙම බාල ගල් අඟුරු භාවිතයෙන් සිදුවන්නේ මුහුණත මුල්‍යමය හානියක් පමණක්ද…?

නැත..

◾ ප්‍රමිතියෙන් යුක්ත ගල් අගුරුවලින් සියයට 16 ක අළු ප්‍රමාණයක් නිෂ්පාදනය විය යුතුයි. නමුත් ඉන්දුනිසියාවෙන් ගෙන්වූ ගල් අඟුරුවලින් සියයට 22 ක අළු ප්‍රමාණයක් පරිසරයට මුදා හැරෙනවා. එය ගණනය කළ නොහැකි විශාල පරිසර හානියක්.

◾ මෙම බාල ගල් අඟු‍රු භාවිතය අපගේ විදුලි උත්පාදන යන්ත්‍රෝපකරණවලට හානි කරනවා. මෙම බලාගාර සැලසුම් කර ඇත්තේ ඉහල ගුණාත්මකභාවයකින් යුත් ඉන්ධන භාවිතය සඳහාය. අඛණ්ඩව බාල ගල් අඟු‍රු භාවිත කිරීමෙන් බොයිලේරු සහ ටර්බයින තුළ මලකඩ කෑම සහ විඛාදනය ( Slagging and Fouling) වැඩි වෙනවා.

📕 බාල ගල් අඟු‍රුවල කාර්යක්ෂමතාවය අඩුය.. ඉන් නිපදවන තාපය අඩු බැවින් ජනනය වන විදුලි ප්‍රමාණය ද අඩුවේ. මෙය විදුලි හිඟයකට සෘජුවම බලපායි.

ජනප්‍රිය පුවත්  හන්ගල ගහන U.S. ගිවිසුම

◾ එවිට ලංකා විදුලි බල මණ්ඩලයට (CEB) සිදුවන්නේ ඉතා මිල අධික ඩීසල් සහ දැවි තෙල් බලාගාර ක්‍රියාත්මක කිරීමටයි.

📕 ඩීසල් මගින් නිපදවන සෑම විදුලි ඒකකයකටම ගල් අඟු‍රුවලට වඩා වැඩි පිරිවැයක් වැයවේ. රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා විදුලිය සැපයීම වෙනුවෙන් අධික පිරිවැයක් සහිත තාප විදුලිය මිලදී ගැනීමට දැන් සිදුවී ඇත. මෙම අතිවිශාල පිරිවැය විදුලි බිල හරහා ජනතාව මත පැටවෙනු ඇත.

මේ සියලු හානි පියවා ගැනීමට සහ ආණ්ඩුවෙ අසාර්ථකත්වය වසා ගැනීමට ඩොලර් මිලියන 2.1 ක දඩ මුදලක් අදාළ සමාගමට නියම කර ඇත. මේ වන විට අදාළ සමාගම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිදූ කරන ලද පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප කරමින් තෙවැනි පාර්ශ්වයකගෙ පරීක්ෂණයක් අවශ්‍යය බව දන්වා ඇත.

📕 Trident Chemphar නම් ඉන්දියානු සමාගම සමග මාලිමා ආණ්ඩුව ඇති විශේෂ ලැබඳියාව කුමක්ද…?

📕 මීට පෙර අප්‍රේල් මාසය වනවිට කැඳවන ටෙන්ඩරය මෙවර ජූලි දක්වා ප්‍රමාද කෙරුවෙ එම කාලය තුළ Trident Chemphar සමාගම ලියාපදිංචි කිරීමට ඉඩ දීමටද..?

📕 මෙම ගණුදෙනුව පිටුපස සිටින ප්‍රබලයින් කවුද…?

📕 ගෙනවිත් තිබූ පරණ ගල් අඟුරු තොග ඉතුරුව තිබියදී ඒවා පාවිච්චි නොකර නව තොග කඩිනමින් පාවිච්චි කරේ ඇයි..?

📕 ඩී.වී චානක මන්ත්‍රීවරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දි ප්‍රශ්ණ නොකළා නම් මේ ඩොලර් මිලියන 2.1 දඩයවත් රටට ලැබෙනවාද…? මේ වංචාව හෙළිදරව් වෙනවාද..?

මේ සියල්ලටම ආණ්ඩුව වහාම උත්තර දිය යුතුය

නලින්ද ජයතිස්ස කියන අයුරින් මීට පෙර කැලරි 5900 ට අඩු ගල් අඟුරු වලට දඩයක් ගසා පාවිච්චි කර නැත. ඒ තොග නැවතත් හරවා යවා ඇත.

හොරූ අල්ලන්න පැමිණි අනුර කුමාර දිසානායකගෙ ආණ්ඩුව මහ දවල් අමු අමුවේම හොර කමේ යෙදෙමින් ඇත.

නිලන්ත සත්සර ගමගේ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x