March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කරයි!

1 min read

යාපනයේ පිහිටි ආරක්ෂක සේනා මූලස්ථානය එම ස්ථානයේ ඉවත් කර කිළිනොච්චිය වෙත ගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. පලාලි ගුවන් තොටුපල ආශ්‍රිත භූමිය හා සමස්ත යාපනය අර්ධද්වීපයේ ආරක්ෂාවට අදාල තීරණ ගැනෙනුයේ මෙම ආරක්ෂක සේනා මූලස්ථානය මගිණි. අදාළ මූලස්ථානය ඉවත් කර එම ඉඩම දෙමළ ඩයස්‌පෝරාවේ සාමාජිකයන් වෙත බෙදා දීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේ.

ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ ජනප්‍රියතාව ඉතා වේගයෙන් පහළ බසිමින් තිබියදී සුළු ජාතික ඡන්ද මත පැවතීමේ තීරණයට ආණ්ඩුව ඇද වැටී තිබේ. මේ වනවිට විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද බලය ලබාදීමට යැයි කියමින්, දෙමළ ඩයස්පෝරාවේ ඡන්ද තමන් වෙත ගොනුකර ගැනීමට ආණ්ඩුව පියවර ගෙනන තිබේ.

ඉදිරියේදී ආරක්ෂක හමුදා බලය උතුරු හා නැගෙනහිර පළාත් වෙතින් තවදුරටත් හීන කර දැමීමට අවශ්‍ය පියවර ද මේ වනවිට ජනාධිපතිවරයා විසින් ගනු ලබමින් සිටි. ‍

සමන්ත ශ්‍රී වනසිංහ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x