March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහජනතාවට “පුප” පෙන්වීම

1 min read

මීට කලින් අනුර කුමාර ජනාධිපතිවරයා යාපනයේ ගියේ මහ පාරෙන් ය. යාපනයේ මහා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට මුල්ගල් තබන්නට ද ඔහු එහි ගියේ මහපාරෙන් ය. පසුගියදා ‍තෛපොන්ගල් සමරන ගමන් සිංහල බෞද්ධයාටත් දෙකක් වනන්නට ජනාධිපතිවරයා යාපනයට ගියේ උඩු ගුවනින් ය. එහෙම නැත්නම්, VVIP චොපර් දෙකකින් ය. එකක් ජනාධිපතිවරයාගේ ගමනටය. අනෙක මාධ්‍ය ඒකකයේ අයට ය. තමන් යන ‘‘චොපරය“ උඩදී කැඩුණොත් අනිත් චොපරයට පැනීමේ අදහසක් ජනාධිපතිවරයාගේ තුන් හිතකවත් තිබුණේ නැත. එහෙත් ඔහු එකක් වෙනුවට දෙකක්ම ඒ ගමනට යොදා ගත්තේ ය.

වෙනදා නම්, රටේ ජනාධිපති තමන්ට නිල වශයෙන් වෙන්ව ඇති VVIP ”චොපර්” එකේ ගමන් කිරීම මාතෘකාවක් වන්නේ නැත. රටක ජනාධිපති ගමන් මහන්සියෙන් විඩාවට පත්ව නොසිටිය යුතුය. දවසේ කාලය කාර්යක්ෂම හා ප්‍රතිඵලදායක ලෙස යොදවා ගත යුතුය. ආරක්ෂිතව ගමන් බිමන් යා යුතුය. ඕනෑම රටක රාජ්‍ය නායකයකු ‘‘චොපර්“ වලින් යන්නේ ඒ නිසාය.

එහෙත්, මේ ජනාධිපති ‘චොපර්“ එකේ ගමන් බිමන් යන එක සාමාන්‍ය නැත. එය මාතෘකාවකි. ඒ, ඔහු විපක්ෂයේ සිටිය දී රටේ ජනාධිපතිවරු ‘චොපර්“ එකේ යන ගමන් ප්‍රශ්න කළ නිසා ය. මහ පාරෙන් ගමන් කරන ජනාධිපතිවරයකු රටට වුවමනා ය. යන අදහස ජන මනස තුළ රෝපණය කළ නිසාය. මිනිස්සු ඡන්ද දුන්නේ ඒවා විශ්වාස කර, ඒ බලාපොරොත්තුවෙන් වන නිසා ය.
ඕනෑම කෙනෙකුට කටින් බතල හිටවා බලය ගත හැකිය. එහෙත් බලය ගත පසු මුහුණ දීමට සිදුවන්නේ ඇත්ත යතාර්ථායටය. අනුර ජනාධිපතිවරයා ද දැන් ක්‍රම ක්‍රමයෙන් ඒ ඇත්ත යථාර්ථය අත්විඳින්න හා ඊට අවනත වෙන්න පටන්ගෙන ඈත. එදා අවුල් ‘‘චොපර් ගමන්“ අද නිරවුල් වන්නේ ඒ නිසාය.

ජනප්‍රිය පුවත්  හයියෝ තඹුත්තේගම!

මිනිස්සුන්ට වැදගත් ජනාධිපතිගේ පස්ස තියෙන්නේ පාරේ යන වාහනයක ද ගුවනේ යන වාහනයක ද යන්න නොවේ. පාරේ ගිහින් හෝ රටට කෙලවන්නේ නම් ඌ එළවා දැමිය යුතු ජනාධිපතිවරයකි. ගුවනේ යමින් හෝ රට හදන්නේ නම් ඌ තියාගත යුතු ජනාධිපතිවරයෙකි. එහෙත්, මේ ජනාධිපති රටට කිව්වේ හොඳ ජනාධිපති වන්නේ පාරේ වාහනේ යන ජනපති කියාය. මේ ‘චොපර්‘ එකේ ගමන් කරමින් ඔහු කරනුයේ ඒ පටු, ගොං මත පිළිගෙන ඡන්දය දුන් උන්දැලාට ‘පුක‘ පෙන්වීම ය.

හත්වලාමේ! මක්කැයි මේ උනේ?

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x