චීන විදෙස් ඇමති අද රාත්‍රීයේ දිවයිනට
1 min read
චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා අද (11) රාත්‍රීයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
දෙදින නිළ සංචාරයක් සඳහා චීන විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා හෙට පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට නියමිත අතර එහිදි දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
චීන විදේශ අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්යය හරිනි අමරසූරිය මෙනෙවිය ද හමුවීමට නියමිතය.
දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට යලි ගොඩනැගීම පිලිබඳව සොයාබැලීම සහ චීන රජයෙන් ලබාදෙන ආධාර පිලිබඳ දැනුම් දීම චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
