January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොස්තාපල්ට පහරදුන් මාලිමා මන්ත්‍රී අත්හිටවූ සිරදඩුවම් නියමව සිටින අයෙක්!

1 min read

පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර, අත්හිටවූ සිර දඬුවම් නියමව සිටින අයෙකු බව වාර්තා වේ.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතාද මේ බව අවධාරණය කළේය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා මෙරට නීතිය ඉදිරියේ අපරාධමය වරදකට වරදකරු වී දඬුවම් ලැබූ පුද්ගලයෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.


පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව පනවා ඇති අත්හිටවූ සිර දඬුවම තවමත් බලාත්මක මට්ටමේ පවතින බවයි.

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු වාර්තාවලට අනුව, ශාන්ත පත්ම කුමාර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුගේ රාජකාරියට බාධා කර, ඔහුට අඩත්තේට්ටම් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා වරදකරු වී ඇත.

එහිදී අධිකරණය විසින් ඔහුට මාස තුනක සිර දඬුවමක් නියම කර ඇති අතර, එම සිර දඬුවම වසර පහක කාලයකට අත්හිටුවීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කර තිබේ.

ජනප්‍රිය පුවත්  මාලිමාවට බලය හිමි හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී

මීට අමතරව රුපියල් 20000ක වන්දි මුදලක් ගෙවීමටද නියම කර ඇත.

අත්හිටවූ සිර දඬුවමේ කාලසීමාව මෙම දඬුවමට එරෙහිව මන්ත්‍රීවරයා විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබුණද, 2021 අගෝස්තු මස 03 වන දින ඔහු එම අභියාචනය ඉල්ලා අස්කරගෙන තිබේ.

ඒ අනුව, 2021 අගෝස්තු 03 වන දින සිට වසර පහක කාලයක්, එනම් 2026 අගෝස්තු මස 03 වන දින දක්වා මෙම අත්හිටවූ සිර දඬුවම බලාත්මක බව සාගර කාරියවසම් මහතා පෙන්වා දුන්නේය.

යම් හෙයකින් ඔහු නීතිය උල්ලංඝනය කළහොත්, එම මාස තුනක සිර දඬුවම අනිවාර්යයෙන්ම විඳීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x