සමන් ඒකනායක අත්අඩංගුවට
1 min read
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අත්අඩංගුවට ගැනීමට නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරට ජනාධිපතිවරයාගේ නියෝග ලැබී ඇතැයි වාර්තාවේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ධුරය දරන ලද සමයේ මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියට අදාළ වන පෞද්ගලික ආරාධනාවකට සහභාගි වීම සඳහා රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ද රජයේ මුදල් වැය කිරීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීමට නියමිතය.
පසුගියදා මේ පිළිබඳ තොරතුරු එක් රැස් කිරීම සඳහා එංගලන්තයට ගිය රහස් පොලිසියේ නිලධාරීන් පිරිස සොයාගෙන ඇති තොරතුරු මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීමට නියමිතව තිබේ.
හිටපු ජනාධිපතිවරයාට අදාල ආරාධනය එංගලන්තයේ වන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ලැබී නොමැති බවත් එබැවින් අදාළ ආරාධනය පෞද්ගලික ආරාධනයක් බවත් රහස් පොලිස් කණ්ඩායමේ ස්ථාවරය වී ඇත. එම කාලය තුළ එංගලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ සේවය කළ සරෝජා සිරිසේන මහත්මිය ඇතුළු තවත් දෙදෙනෙකුගෙන් රහස් පොලිසියේ ප්‍රකාශ ලබාගෙන තිබේ.
රාජ්‍ය සේවයේ සිටි කීර්තිමත් නිලධාරියෙකු වූ සමන් ඒකනායක මහතා අත්අඩංගුවට ගනු ලැබුවහොත් එය මුළු මහත් රාජ්‍ය සේවයම අකර්මන්‍ය වීමට හේතු වනු ඇතැයි ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීහු පෙන්වා දෙති.
තිලකවර්ධන පෙරේරා LankaUndergroundNews
