June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දිට්වා කළ හානිය රු. කෝටි ලක්ෂයත් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

1 min read

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය යෑම් වලින් මෙරට ගොඩනැගිලි හා ඒවායේ අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය හා තීරණාත්මක යටිතල පහසුකම්වලට සිදුකර ඇති භෞතික හානිය අමෙරිකානු ඩොලර් බිලියන 4.1 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 125,000) බවට ලෝක බැංකුව නිකුත් කළ ඇස්තමේන්තු වාර්තාවක දැක්වෙනවා.

ලෝක බැංකු සමූහය විසින් ප්‍රකාශයට පත් කරන ලද Global Rapid Post Disaster Damage Estimation (GRADE) වාර්තාවට අනුව මෙය ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 4%ක ප්‍රමාණයකට සමාන වෙනවා.

වැඩිම හානිය මධ්‍යම පළාතෙන් වාර්තා වන අතර එය ඩොලර් මිලියන 689ක් ලෙසින් ඇස්තමේන්තු කර තිබෙනවා.

එසේම මාර්ග, පාලම්, දුම්රිය මාර්ග හා ජල සම්පාදන පද්ධති ඇතුළු යටිතල පහසුකම්වලට වූ හානිය ඩොලර් බිලියන 1.735 ක් ලෙසින් ගණනය කර ඇති අතර එය සමස්ත හානියෙන් 42%ක ප්‍රමාණයකි.

ලෝක බැංකුව පවසන පරිදි නේවාසික ගොඩනැගිලිවලට මෙම දිව්වා ව්‍යසනයෙන් සිදුව ඇති හානිය ඩොලර් මිලියන 985කි.

මේ අතර වී, එළවළු, වෙනත් වාණිජ භෝග, පශුසම්පත් හා වෙනත් යටිතල පහසුකම් ඇතුළුව කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට සිදුවී ඇති හානිය ඩොලර් මිලියන 814ක් ලෙසින් වාර්තා වෙනවා.

ජනප්‍රිය පුවත්  ප්‍රදේශ කිහිපයක විදුලිය කපයි

රෝහල්, පාසැල්, ව්‍යාපාරික ස්ථාන, මහා පරිමාණ කර්මාන්තශාලා ආදිය ඇතුළු නේවාසික නොවන ගොඩනැගිලිවලට සිදුව ඇති හානිය ගණන් බලා ඇති ආකාරයට ඩොලර් මිලියන 562 කි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x