හක්මන සමූපකාර ඡන්දයත් මාලිමාව පරාදයි!
1 min read
හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියට නව අධ්යක්ෂක මණ්ඩලයක් සහ මහා සභා නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද විමසීමෙන් පොදු විපක්ෂය ජයග්රහණය කර තිබේ.
ඡන්ද විමසීම ඊයේ (16) පැවති අතර, එහිදී පොදු විපක්ෂය නියෝජනය කළ නියෝජිතයින් 68දෙනෙකු හා ජාතික ජන බලවේගය නියෝජිතයින් 32 දෙනෙකු තේරී පත්වී ඇත.
ඒ අනුව හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ බලය පොදු විපක්ෂය විසින් හිමිකර ගත්තේය.
හක්මන සමූපකාර ඡන්දය සඳහා පොදු විපක්ෂය නියෝජනය කරමින් සමුපකාර සමිතියේ හිටපු සභාපති තුෂාර විදානගම මහතා කුඹල්ගොඩ ප්රාදේශිකය නියෝජනය කරමින් තරග කළ අතර, හක්මන ප්රාදේශීය සභාවේ උප සභාපතිවරයාද ජාතික ජන බලවේගය නියෝජනය කරමින් හක්මන ප්රාදේශිකය වෙත තරග කිරීම විශේෂත්වයක් විය.
