November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

සජිත් දිල්ලියට කැඳවයි!

1 min read

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාව නවදිල්ලියට කැඳවීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ. ඒ අනුව, නොවැම්බර් පස් (05) වැනි දා විපක්ෂනායකවරයා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත ය.

මෙරට පළාත් සභා මැතිවරණය ආණ්ඩුවට බලපෑම් කර කඩිනමින් පැවැත්වීමටත්, එහිදී විරුද්ධ පක්ෂයේ සියළු පක්ෂ සහ කණ්ඩායම් ඒකාබද්ධව තරඟ වැදීමට පෙළඹවීමටත් ඉන්දියානු බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වේ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාසව මේ අවස්ථාවේදී නවදිල්ලියට කැඳවනු ලබන්නේ ද මීට අදාළ සාකච්ඡාවකට විය හැකි යැයි දේශපාලන අංශවල මතය වී තිබේ.

කවිදු ගුණසිංහ Underground වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x