November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

වමෙන් දකුණට නෙලීම

1 min read

මේ කතාව බොහොම වැදගත් වෙන්නේ ‘දකුණේ’ ජීවත් වෙන, දකුණේ අක්මුල් ඇති, ඕනෑම ආකාරයකින් ‘දකුණට’ සම්බන්ධ අපේ මිත්‍රයන්ට.
පසුගිය ජාතික මැතිවරණ දෙකේම මාලිමාවට සහ ජනාධිපති අනුරට වැඩිම ඡන්ද ලැබුණේ දකුණින්.
ප්‍රතිශතයක් විදියට අනුරාධපුරෙන් ලැබුණාටත් වඩා දකුණේ මිනිස්සු අනුරට ඡන්දෙ දුන්නා.
මාලිමාවට ඡන්දේ දුන්නා.
මෙතෙක් කාලයක් දකුණේ සෑහෙන සංවර්ධනයක් කරපු, දකුණෙන් ආපු රාජපක්ෂ කඳවුර පවා සෝදාපාලුවට ලක්කළා.
නාමල් මැදමුලනත් පරාද වුණා.
හම්බන්තොටට, යාලට තමන්ගේ තරුණ ජීවිතයේ අවුරුදු විස්සක් දිය කරපු සජිත්, හම්බන්තොට මිනිස්සු පරාජය කළා.
දකුණේ මිනිස්සු අනුර සහ මාලිමාව ඉහළින්ම තෝරාගත්තා.
මේ මොහොතේ අනුර සහ මාලිමා ආණ්ඩුව ඊට කෘතගුණ සලකමින් ඉන්නවා.
මත්ද්‍රව්‍ය වැටලීම, පාතාල මර්ධනය අනිවාර්යෙන්ම කළ යුතු හොඳ වැඩක්.
ඒ ගැන කිසිම තර්කයක් නැහැ. සාමාන්‍ය පුරවැසියො විදියට අපේ උපරිම සහය ඊට හිමියි.
නමුත් එය හොඳ වැඩක් වෙන්නේ පක්ෂ පාට නොමැතිව, අපක්ෂපාතීව, කුමන හෝ ජාලයක් ආරක්ෂා නොකර, යහපත් චේතනාවෙන් ඒ වැඩේ කරද්දි.
පිරිසකට අත නොතබා, පිරිසක් ආරක්ෂා කර කරන පාතාල මර්ධනයෙන් හෝ මත්කුඩු නැසීමෙන් පලක් නැහැ.
මේ කතාව බොහොම සූක්ෂම සහ වැදගත් වෙන්නේ එතනදී.
ඔබ ලංකාවේ කොහේ හෝ වුනාට කමක් නැහැ. මොහොතකට හිතන්න.
2025 අවුරුද්දට පෙර සහ පසු දකුණ ගැන ඔබට පොදුවේ තිබුණු මතවාදය මොකක්ද ?
2025 ට පෙර දකුණ ගැන තිබුණේ වරායවල්, අධිවේගී මාර්ග හැදිච්ච කලාපයක් විදියට.
හැම අවුරුද්දකම සාමාන්‍ය පෙළ දිවයිනේ ඉහළ සමත් ප්‍රතිශත වාර්තා කරන කලාප විදියට.
උසස් පෙළ විද්‍යා අංශයෙන් සුවිශේෂි ප්‍රතිඵල ලබා ගන්නා කලාපයක් විදියට.
එක අවුරුද්දක ජීව විද්‍යා සහ ගණිත අංශයේ දිවයිනේ ප්‍රථමයන් වීරකැටියෙන් බිහි වුණා.
දකුණේ අධ්‍යාපනය ගොඩනැගීමට විශාල දායකත්වයක් දැක්වූවා යයි කියන රාසපුත්‍ර ඇමතිවරයා ගැන රටම කතා කළා.
බිස්නස් වලට කප් ගහපු මිනිස්සු ඉඳපු පළාතක් විදියට දකුණ ප්‍රසිද්ධ වුණා. සිද්ධාලේප මුදලාලිගේ ඉඳලා, නවලෝක මුදලාලි හරහා දිලිත් දක්වාම ඒ ප්‍රසිද්ධිය තිබුණා.
හිත හොඳ, ආගන්තුක සත්කාරයට ප්‍රසිද්ධ, කෙලින් මිනිස්සු ඉන්න පැත්තක් විදියට දකුණ ගැන අදහසක් තිබුණා.
උපුල් සන්නස්ගල වැනි චරිත පවා එවැනි අදහස් දැරුවා.
තවත් පිරිසක් දකුණේ ඉන්නේ ‘කපටි මිනිස්සු’ කියලා කිව්වා.
පුද්ගලානුබද්ධ අදහස් තිබුණත් 2025 මාලිමා ආණ්ඩුව ඇවිත් සිදුකරපු සංවිධානාත්මක මාධ්‍ය මෙහෙයුමකට කළින් දකුණ ගැන තිබුණේ පොදුවේ එහෙම අදහස්.
දකුණ ත්‍රාඩ, නරුම කලාපයක් විදියට කවුරුත් දැක්කේ නැහැ.
හැබැයි දැන් දකුණ ගැන ඔබේ සාමාන්‍ය අදහස මොකක්ද ?
දැන් ඔබේ හිතට පොවපු, ඔබට දැනෙන, ඔබගේ ඔලුවට නිසඟයෙන්ම එන අදහස අනුව දකුණ තමයි කුඩු රජ දහන.
දකුණ තමයි අයිස් පුරවරය.
දකුණ තමයි ශ්‍රී ලංකාවේ චිකාගෝව.
දකුණ නිකන් හැමතැනම අයිස් කඳු තියෙන, පදුරකට ගලක් ගැහුවම පාතාලයො විසිවෙන ත්‍රාඩ පළාතක්.
අවුරුද්දක් ඇතුලේ දකුණ පිළිබඳ තිබූ චිත්‍රය සහමුලින්ම වෙනස් වෙලා / වෙනස් කරලා.
සාමාන්‍යයෙන් ඕනෑම කලාපයක පාතාල සාමාජිකයන් ඉන්නවා. ඉස්සරත් දකුණේ පාතාලයන් හිටියා.
කොළඹත් හිටියා. නුවරත් හිටියා. යාපනේත් හිටියා.
හැබැයි දකුණ ප්‍රසිද්ධ වුණේ පාතාලයට නෙවෙයි. දකුණ ගැන කතා කරද්දි ඔලුවට මුලින්ම ආවේ පාතාලය නෙවෙයි. වෙනත් ධනාත්මක අදහස්.
ඔබ වර්තමාන රජයේ පාතාල මර්ධන නාට්‍යය හොඳින් අධ්‍යනය කරන්න.
ඔවුන් කෙහෙල්බද්දර පද්මේ නැමැති පාතාල සාමාජිකයාට එතරම් අවදානයක් යොමු කරන්නෙ නැහැ.
නමුත් ඔහු සමග සිටි, දකුනු පළාතේ උපත ලැබු ඔහුගේ මිත්‍රයන් දෙදෙනා වටා ආණ්ඩුව විශේෂ මාධ්‍ය මෙහෙයුමක් දියත් කරනවා.
ආණ්ඩුවේ පාතාල මෙහෙයුම, මත්ද්‍රව්‍ය මැඩීම සම්පූර්ණයෙන්ම ඔවුන් හරහා දකුණ ඉලක්ක කළ මාධ්‍ය මෙහෙයුමක් කරලා.
ඒ මාධ්‍ය මෙහෙයුමට අවශ්‍ය චරිත පවා විටින් විට නිර්මාණය කෙරෙනවා.
එය ගොබෙල්ස් මෙහෙයුමක්මයි.
ආසන්න මාස හය තුල රජය සහ පොලීසිය විසින් ලබා දුන් පුවත් අනුව ශ්‍රී ලංකාවේ පාතාල පුවත්, 99%ක්ම දකුණු පළාත සම්බන්ධ කළ ප්‍රවෘත්ති.
රටේ වෙන කලාප වල පාතාලයන් ඇත්තේම නැත්ද ?
රටේ වෙන කලාප වල කුඩු / අයිස් තිබුණේම නැත්ද ?
ආණ්ඩුව නුවරඑළියේ අයිස් ෆැක්ට්‍රිය සම්බන්ධ සාධකය හිතාමතාම අමතක කරලා.
නමුත් මිද්දෙනිය වටා ඔවුන් මාධ්‍ය සංදර්ශනයක් පවත්වනවා.
තංගල්ලේ මුහුදු වතුරේ පවා අයිස් දියවී ඇති බව පෙන්වීමට වටේ කැරකෙන බල්ලන්ගේ වීඩියෝ දර්ශන මාධ්‍යයට නිකුත් කරනවා.
ඔබ හිතන්න.
ශ්‍රී ලංකාව වටේම මුහුද තියෙනවා.
මේ මොහොතේත් ලංකාවට මත්ද්‍රව්‍ය එන්නේ දකුණු මුහුදෙන් විතරද ?
නැහැ!
මීගමුව ශ්‍රී ලංකාවේ විශාලතම කුඩු තිත්පොලක්. මේ මොහොතේත් මීගමුවෙන් කුඩු ශ්‍රී ලංකාවට එනවා.
ඔබ මීගමුව වරායක සිදු කළ එක වැටලීමක් දැක්කද ?
ත්‍රිකුණාමලය ශ්‍රී ලංකාවේ විශාලතම කුඩු තිත්පොලක්.
ඔවුන් ත්‍රිකුණාමලය පැත්තටවත් ගියාද ?
ශ්‍රී ලංකාවට වැඩිපුරම හෙරොයින්, කේරල ගංජා සහ විෂ මත්ද්‍රව්‍ය පැමිණෙන්නේ යාපනය ආශ්‍රිත උතුරු මුහුදෙන්.
ඔවුන් උතුරු මුහුදේ එක වැටලීමක් කළාද ?
නැහැ. ඒ වෙනුවට උතුරු මුහුදේ වැටලීම් කළ නාවික හමුදාව පවා අක්‍රීය කළා.
ඔවුන් පාතාල සාමාජිකයන් දෙදෙනෙක් පමණක් තෝරාගෙන ඔවුන් වටා විශාල මාධ්‍ය මෙහෙයුමක් කරනවා.
එයට හේතුව ඔවුන් ‘දකුණේ’ වීම. ඔවුන් හරහා ‘දකුණ’ ඉලක්ක කළ හැකි වීම.
එහි අවසන් ඉලක්කය දකුණ සම්පූර්ණයෙන්ම සිය යහපත්, ධනාත්මක, එඩිතර සහ නිර්භීත සාරය අහිමි කරගත්, දුර්වල, පාතාලයන්ගේ කුඩු දේශයක් කිරීම.
එය කිසිසේත්ම අහම්බයක් නොවෙයි.
එය හිතාමතාම සිදු කරන සූක්ෂම මාධ්‍ය මෙහෙයුමක්.
ඔබ මොහොතක් හිතන්න.
කෝ විදෙස්ගතව මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිස ?
කෝ කොළඹ පාතාලය ?
කෝ මීගමුවෙන් එන මත්ද්‍රව්‍ය ?
කෝ උතුරු මුහුදෙන් එන කේරල ගංජා සහ හෙරොයින් ?
රජයට ඒවා අවශ්‍ය නැහැ.
දකුණේ මිත්‍රවරුණි.
2029 අවසන් වෙද්දි දකුණ යයි කියද්දී රටේ මිනිසුන්ට දුටුගැමුණු රජතුමා අමතක වේවි. දකුණේ ඔබේ පුරවරයේ හැදී වැඩුණු දසමහා යෝදයන්ගේ ඉතිහාසය අමතක වේවි.
මහා විජයබාහු රජතුමා, මහා පරාක්‍රමබාහු රජතුමා අමතක වේවි.
සිද්ධාලේප මුදලාලි ලා, නවලෝක මුදලාලි ලා, දිලිත් ලාගේ ව්‍යාපාරික කතා අමතක වේවි.
දකුණේ සියලූම වීර කතා, ජයග්‍රහණ සහ ධනාත්මක කතා අමතක වේවි.
ඔබ අයිස් සහ හෙරොයින්, රතු කැකුලු තරම්ම සුලබ, නිකන්ම නිකන් පාතාල රාජ්‍යයක සොක්කන් බවට නාමකරනය කෙරේවි.
ඔබට ඔබගේ අක්මුල් කීමට ලැජ්ජා වෙන තත්ත්වයකට ඔවුන් පත් කරාවි.
එය සිදුකරන්නේ හිතාමතාමයි.
එය සිදු කරන්නේ සවිඥානිකවයි.
එය මහා මාධ්‍ය මෙහෙයුමක්.
එයට හේතු කිහිපයක්ම තිබෙනවා.
එකක් අනුරලාට, ආනන්ද විජේපාලලාට දකුණ සමග ජානගත වෛරයක් තියෙනවා.
දකුණ සංවර්ධනය වෙලා ‘වැඩිය’ කියලා අනුර තැන් කිහිපයකම කිව්වා.
අනුර යාපනය ක්‍රීඩා පිටියට මුල් ගල තබද්දී, ඉදිරි වසර දෙක කාලය තුලම හම්බන්තොට ක්‍රීඩාංගනයට එක තරගයක්වත් වෙන් කර නැහැ.
දෙවැන්න, ශ්‍රී ලංකාවට කරදරයක් වූ ඕනෑම මොහොතක දකුණේ ප්‍රජාවෙන් ඊට විරෝධයක් එනවා.
දකුණේ සාරය නැසීමෙන් ඒ විරෝධය සමනය කළ හැකියි.
ඔබ නොදැනුවත්වම, ඔබ ඉලක්ක කරමින්, ඔබේ සාරය, ඔබේ ඉතිහාසය සහ අභිමානය මකා දැමීමට දැවැන්ත ගොබෙල්ස් මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
එය ක්‍රියාත්මක කරන්නේ ඔබේ ඡන්දයෙන්ම බලයට පැමිණි, දකුණට වෛර කරනා පිරිසක්.

ජනප්‍රිය පුවත්  කම්කරු වාසනා!

උපුටා ගැනීම සචින් රත්වත්තේ ෆේස්බුක් පිටුවෙන්

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x