October 29, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“දිළිඳුකම තවදුරටත් ඉහළ යද්දී ලාංකික පවුල්වලින් 75%කට වැඩි ප්‍රමාණයක් ජීවන වියදම් පියවා ගැනීමට දැඩි අරගලයක” – ලෝක බැංකුව –

1 min read

උද්ධමනය සියයට 8 ඉක්මවා යාමත් සමඟ ජීවන වියදම තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 75 කට ආසන්න ප්‍රමාණයකට තම ජීවන වියදම් පියවා ගැනීමට තරම් ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

ලෝක බැංකු අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ 2019 සහ 2023 අතර කාලය තුළ සැබෑ ශ්‍රම ආදායම සියයට 40 කට වඩා පහත වැටී ඇති අතර එය තවමත් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වී නොමැති බවයි.

කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වයද 2019 දී පැවති සියයට 34.5 සිට 2024 දී සියයට 32.4 දක්වා පහත වැටී ඇති අතර, එය කලාපයේ අඩුම මට්ටම් අතර තවදුරටත් පවතිනවා.

“2026 වන විටත් ශ්‍රී ලාංකිකයන්ගෙන් පහෙන් දෙපංගුවක්ම (40%ක්) දිළිඳු භාවයෙන් පෙළෙන අතර නැතහොත් දිළිඳුකමට ඇද වැටීමේ අවදානමකට ලක්ව සිටිති,” යනුවෙන් එම වාර්තාවේ සඳහන්.

මෙම සංඛ්‍යාලේඛන මගින් මධ්‍යම පංතිය ක්ෂය වීම සහ දිළිඳුකම ඉහළ යාම පෙන්නුම් කරන අතර, ගෘහස්ථ මූල්‍ය මත එල්ල වන අඛණ්ඩ පීඩනය ඉස්මතු කරනවා.

“මේවා හුදෙක් සංඛ්‍යා ලේඛන පමණක් නොවේ. ඒවායින් පිළිඹිමු වන්නේ පවුල් විසින් වේල් කපා හැරීම, දරුවන්ගේ පෝෂණ මට්ටම පහත වැටීම සහ කම්කරුවන් ශ්‍රම වෙළඳපොළෙන් පූර්ණ ලෙස ඉවත් වීමයි. අර්බුදය සැබෑ එකක් වූ අතර එය අතිශය ගැඹුරුය, එහි බලපෑම තවමත් අත්විඳිමින් පවතී.”

ජනප්‍රිය පුවත්  එල් නිනෝ දිස්ත්‍රික්ක 7කට බලපෑම් කරයි

බස්නාහිර පළාතෙන් පිටත දිළිඳුකමේ අනුපාතය බස්නාහිර පළාතට වඩා දෙගුණයක සිට තෙගුණය දක්වා ඉහළ අගයක් ගන්නා අතර, වතු ක්ෂේත්‍රයේ දිළිඳුකම ජාතික සාමාන්‍යය මෙන් තෙගුණයක්.

දිළිඳු ගෘහස්ථයන් සතුව ඇති සම්පත් සහ ඔවුන්ගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය ප්‍රමාණය අතර පවතින සාමාන්‍ය පරතරය 2019 සහ 2024 අතර කාලය තුළ ජාතික වශයෙන් දෙගුණ වී ඇති අතර උතුරු පළාතේ මෙම පරතරය බස්නාහිර පළාතට වඩා පස්ගුණයකින් වැඩි වී ඇති බව සඳහන්.

පරිභෝජන බදු මගින් මෙම බර තවදුරටත් වැඩි වන අතර එය දූල්‍ය දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 12 ක්. මෙයින් අදහස් කරන්නේ පුද්ගලයන් සහ ව්‍යාපාර ගෙවන ආදායම් බදුවලට අමතරව, ආර්ථිකය තුළ නිෂ්පාදනය වන සෑම රුපියල් 100 ක් වටිනා භාණ්ඩ හා සේවාවන්ගෙන් රජය සාමාන්‍යයෙන් රුපියල් 12 ක මුදලක් එකතු කරගන්නා බවයි.

මෙම බදු මගින් භාණ්ඩ හා සේවාවල පිරිවැය ඉහළ නංවන අතර, පාරිභෝගික ඉල්ලුම මන්දගාමී කර මිල ගණන් කෙරෙහි තවදුරටත් ඉහළ යන පීඩනයක් එල්ල කරනවා.

ශ්‍රී ලංකාවේ වක්‍ර බදු බර ලෝකයේ ඉහළම බදු අතර වන බව විශ්වාස කෙරෙනවා.

ජනප්‍රිය පුවත්  ඉන්දන සඳහා QR ක්‍රමවේදය ඉදිරියට ක්‍රියාත්මක කිරීම ගැන බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්

දීර්ඝ කාලයක් පුරා ඉහළ වක්‍ර බදු පවත්වාගෙන යාම මගින් ආර්ථික සංකෝචනය සමග පවතින ඉහළ උද්ධමන තත්ත්වයක් ඇති විය හැකි අතර රටේ අපනයන තරගකාරීත්වය තවදුරටත් පිරිහීමට ලක්විය හැකි බව‍ සඳහන්.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x