October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පුපුරණ ද්‍රව්‍ය සිද්ධියට ‘ගෆූර් මාමා’ ට වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

1 min read

වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ඉඩමක පුපුරණ ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය රැස් කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවේ තුන්වන විත්තිකරු වන මොහොමඩ් ෂරීෆ් ආදම් ලෙබ්බේ හෙවත් ‘ගෆූර් මාමා’ නමැත්තාට වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.

අද (28) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ විත්තිකරු තමන්ට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා පහකට වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඬුවම නියම කර ඇත.

ඒ අනුව, ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ නයෝමි වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එක් එක් චෝදනාවට වසර 12 බැගින් සිරදඬුවම් නියම කර තිබේ.

එම දඬුවම් එකවර ගෙවී යන ලෙස ක්‍රියාත්මක කිරීමට නියෝග කිරීම හේතුවෙන් ඔහුට ගෙවීමට සිදුවන සමස්ත සිරදඬුවම් කාලය වසර 12කි.

කෙසේ වෙතත්, විත්තිකරු මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ සහ රැඳවුම් නියෝග යටතේ ගත කර ඇති වසර හතහමාරක කාලය එම සිරදඬුවම් කාලයෙන් අඩු කිරීමට ද විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

ඒ අනුව, තවත් වසර හතරහමාරක පමණ කාලයක් සිරදඬුවම් විඳීමට සිදුවනු ඇතැයි අධිකරණයේදී සඳහන් විය.

ජනප්‍රිය පුවත්  සමලිංගික සංචාරකයන්ට ආරාධනා! දරුවො ගෙට ගනිව්!

විත්තිකරු වරද පිළිගෙන නඩු විභාගය තවදුරටත් දීර්ඝ නොකිරීම, ඔහු 63 හැවිරිදි වියේ පසුවීම සහ අනෙකුත් සුවිශේෂී කරුණු සැලකිල්ලට ගනිමින් මෙම දඬුවම නියම කළ බව විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

මේ අතර, නඩුවේ හයවන විත්තිකරු වන මොහොමඩ් රමීස් මොහොමඩ් සාජිත් හෙවත් ‘සාජිත් මවුලවී’ නමැත්තා ද තමන්ට එරෙහි චෝදනාවලට වරද පිළිගැනීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය දැනුම් දීමට කාලය ඉල්ලා තිබේ.

ඒ අනුව, ඔහුගේ ස්ථාවරය දැනගැනීම සඳහා නඩුව හෙට (29) පෙරවරු 8ට යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල, එදින පෙරවරු 7.45 වන විට ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

තවද, ගෆූර් මාමා නමැති විත්තිකරුට එරෙහිව කෑගල්ල සහ මඩකළපුව මහාධිකරණවල ද තවත් නඩු දෙකක් පවතින බැවින්, එම අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී ඔහුට විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස ද විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

මෙම නඩුවේදී විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව අධිචෝදනා 13ක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබූ අතර, මේ වන විට විත්තිකරුවන් පස්දෙනෙකු අදාළ චෝදනාවලට වරද පිළිගෙන දඬුවම් ලබා අවසන් බව අධිකරණයේදී සඳහන් විය.

ජනප්‍රිය පුවත්  තිස්ස විහාරය කෑලි කරන්න හදනවා.. උතුරේ දේශපාලන කල්ලි මිනිස්සු අවුස්සනවා.. - අර්චුනා රාමනාදන්

හයවෙනි විත්තිකරුගේ පමණක් හෙට දින ඔහුගේ මතය දැනගැනීම සඳහා එනම් කෙටි ක්‍රමයකින් නඩුව අවසන් කිරීමට සුදානම්ද නැද්ද යන මතය දැනගැනීම සඳහා හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x