කැලණි පහත්බිම් රැසකට සුළු ගංවතුර අවදානමක්
1 min read
කැලණි ගඟ ද්රෝණියේ ඉහළ ධාරා ප්රදේශවලට මේ වන විට ලැබී ඇති සැලකිය යුතු වර්ෂාපතනය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල මාපක දත්ත විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24 තුළ කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබේ.
ඒ අනුව, රුවන්වැල්ල, සීතාවක, දොම්පෙ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට සහ බුලත්කොහුපිටිය යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම්වල වෙසෙන ජනතාව සහ එම ප්රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා සැලකිල්ලෙන් පසුවන ලෙස ඉල්ලා සිටියි.
එමෙන්ම ඉදිරියේදී තවදුරටත් වර්ෂාපතනය අධික වුවහොත්, හංවැල්ල ප්රදේශයෙන් පහළ පිහිටි කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්රදේශ වෙත ද මෙම ගංවතුර තත්ත්වය ව්යාප්ත වීමේ ඉඩකඩ පවතින බැවින්, අදාළ ආපදා කළමනාකරණ අංශ මඟින් මේ සම්බන්ධයෙන් අවශ්ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසට ද දැනුම් දී ඇත
