October 27, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

1 min read

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මෙම නිවේදනය අද (26) පස්වරු 6:00 සිට හෙට (27) පස්වරු 6:00 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වේ.

අනතුරු ඇඟවීමේ මට්ටම් සහ අදාළ ප්‍රදේශ

මට්ටම 3 – ඉවත් වීමේ අනතුරු ඇඟවීම් (රතු නිවේදනය)

කළුතර දිස්ත්‍රික්කය – බුලත්සිංහල සහ දොඩංගොඩ

නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව කෝරළය සහ නෝර්වුඩ්

රත්නපුර දිස්ත්‍රික්කය – කුරුවිට, ඇලපාත, අයගම, ඕපනායක, පැල්මඩුල්ල සහ රත්නපුර

මට්ටම 2 – අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවීම් (ඇම්බර් නිවේදනය)

ගම්පහ දිස්ත්‍රික්කය – අත්තනගල්ල

කළුතර දිස්ත්‍රික්කය – අගලවත්ත, වලල්ලාවිට, මිල්ලනිය, පාලින්දනුවර, ඉංගිරිය, මදුරවල මතුගම

මහනුවර දිස්ත්‍රික්කය – පස්බාගේ කෝරළය, උඩුනුවර, ගඟ ඉහළ කෝරළය, උඩපාලත සහ යටිනුවර.

කෑගල්ල දිස්ත්‍රික්කය – කෑගල්ල, මාවනැල්ල, රුවන්වැල්ල, රඹුක්කන, ගලිගමුව, අරණායක, දැරණියගල, දෙහිඕවිට, යටියන්තොට, වරකාපොළ සහ බුලත්කොහුපිටිය.

කුරුණෑගල දිස්ත්‍රික්කය – කුරුණෑගල.

නුවරඑළිය දිස්ත්‍රික්කය – කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිර.

රත්නපුර දිස්ත්‍රික්කය – බලංගොඩ, කිරිඇල්ල, නිවිතිගල, කළවාන, ඇහැලියගොඩ සහ ගොඩකවෙල.

ජනප්‍රිය පුවත්  ඉරාන නැවට පහර දෙන්න ඔත්තුව දුන්නේ ඉන්දියාවයි…! – ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි…

මට්ටම 1 – දැනුවත්වීමේ නිරීක්ෂණ (කහ නිවේදනය)

කොළඹ දිස්ත්‍රික්කය- සීතාවක සහ පාදුක්ක.

ගාල්ල දිස්ත්‍රික්කය – තවලම, නෙළුව, නියගම, එල්පිටිය, කරන්දෙණිය.

කළුතර දිස්ත්‍රික්කය – බේරුවල, හොරණ.

මහනුවර දිස්ත්‍රික්කය – දොළුව, හතරලියද්ද, තුම්පනේ,ගඟවට කෝරළය, උඩදුම්බර, අකුරණ, කුණ්ඩසාලේ සහ මැදදුම්බර.

කුරුණෑගල දිස්ත්‍රික්කය – මාවතගම, අලව්ව සහ නාරම්මල.

මාතර දිස්ත්‍රික්කය – පිටබැද්දර සහ කොටපොළ.

නුවරඑළිය දිස්ත්‍රික්කය – නුවරඑළිය සහ තලවකැලේ.

රත්නපුර දිස්ත්‍රික්කය – කහවත්ත, වැලිගෙපොළ, කොලොන්න සහ ඉඹුල්පේ.

අදාළ කලාපවල ජීවත් වන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නායයෑම් ලක්ෂණ, පස් කණ්ඩි කඩාවැටීම, ගස් ගැලවී යාම, ජල මට්ටම් ඉහළ යාම ආදී නිරීක්ෂණය වේ නම් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙසය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x