ලංකාවෙ සුනඛයො ලක්ෂ 32ක් ඉන්නවා..- නි. ඇමති නාමල් … ලංකාවෙ සුනඛයො ලක්ෂ දෙකයි ඉන්නේ.. – ඇමති ක්රිෂාන්ත අබේසේන
1 min read
මෙරට සමස්ත සුනඛ ගහනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ අමාත්යවරයෙකු සහ නියෝජ්ය අමාත්යවරයෙකු විසින් පාර්ලිමේන්තුවේදී එකිනෙකට වෙනස් වූ පරස්පර සංඛ්යාලේඛන ඉදිරිපත් කර තිබේ.
පාර්ලිමේන්තුව අමතමින් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා ප්රකාශ කළේ, මෙරට වත්මන් සුනඛ ගහනය ලක්ෂ 32කට (මිලියන 3.2කට) ආසන්න බවත්, එම ප්රමාණය සැබවින්ම ඉතා අධික අගයක් බවත්ය.
සුනඛයන් ලියාපදිංචි කිරීමේ ක්රමවේදයක් දැනටමත් පවතින බවත් ඊට යම් ගාස්තුවක් අය කෙරෙන බවත් පෙන්වා දුන් නියෝජ්ය අමාත්යවරයා, සතුන් මහමග අත්හැර දමන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඩ මුදල් පැනවිය යුතු බව අවධාරණය කළේය.
කෙසේ වෙතත්, ඊට වෙනස් අදහසක් ඉදිරිපත් කළ අමාත්ය වෛද්ය ක්රිෂාන්ත අබේසේන මහතා සභාව අමතමින් කියා සිටියේ මෙරට සිටින සමස්ත සුනඛ ගහනය ලක්ෂ දෙකක් (200,000ක්) පමණ වන බවය.
