October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඥානසාර හිමියන් අද අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැහැ.. – බුද්ධශාසන අමාත්‍යංශය කෝට්ටේ පාර්ශ්වයට දැනුම් දෙයි..

1 min read

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (23) දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්. ජී සේනාරත්න පවසයි.

ඒ උන්වහන්සේ අද අධිකරණයට ඉදිරිපත් කිරීමක් අවශ්‍ය නොවන බවට වූ දැනුම්දීමක් අනුව බවට තමා කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනාහිමියන් වෙතද දැනුම් දුන් බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාල නඩු කටයුත්ත සදහා අද ඥානසාර හිමියන් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව අධිකරණය විසින් දැනුම් දී ඇති බවයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කළේ යැයි කියන සිද්ධියට අදාළ නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනෙයි.

පසුගිය 20 අඟහරුවාදා බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පැවසුවේ, මීළඟ උසාවි දිනයේදී ඥානසාර හිමිට චීවරය ලබාදීමට පියවර ගන්නා බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x