October 22, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඔක්තෝබරයේ දින 20ක් තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ වටිනාකම රු. බිලියන 324කින් පහළට

1 min read

අඛණ්ඩ වෙළෙඳපොළ පසුබෑම හමුවේ ඔක්තෝබර් මාසයේ පළමු දින 20 තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 323.97කින් පහත වැටී තිබෙනවා.

එසේම පෙරේදා (20) ද වෙළෙඳපොළ පහත වැටීමක් වාර්තා කළ අතර, එය එම සතියේ අඛණ්ඩව දෙවැනි දිනටත් සිදුවූ පහත වැටීමයි.

එදින සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 75.64කින් පහත වැටී ඒකක 19,983.78ක් ලෙස ගනුදෙනු අවසන් කළා.

ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,000 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා.

මේ අතර, S&P SL20 දර්ශකය ද ඒකක 19.24කින් පහත වැටී ඒකක 5,681.51ක් ලෙස සටහන් වුණා.

ඊයේ ගනුදෙනු අවසන් වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 7,224.21ක් ලෙස සටහන් වී තිබෙනවා.

ඔක්තෝබර් මාසය ආරම්භයේදී එම අගය රුපියල් බිලියන 7,548.18ක් ලෙස පැවතුණා.

ඒ අනුව, මාසයේ පළමු දින 20 තුළ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 323.97කින් පහත වැටී තිබෙනවා.

මේ අතර, මීට වසරකට පෙර එනම් 2025 ඔක්තෝබර් 14 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය පළමු වරට රුපියල් ට්‍රිලියන 8 සීමාව ඉක්මවා යමින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබුණා.

ජනප්‍රිය පුවත්  සුරා බදු කොමසාරිස් ජනරාල්ට ලයන් බෘවරි වෙතින් සුපිරි වාහන පගාවක් ! ජනාධිපතිගේ ගජ මිතුරා පුනරු‍දයෙන් හැදෙන හැටි !

කෙසේ වෙතත්, 2026 ඔක්තෝබර් මාසයේ මේ දක්වා වාර්තා වී ඇති පසුබෑම හමුවේ කොටස් වෙළෙඳපොළේ සමස්ත වටිනාකම සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.

  • හසිත තල්දුව
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x