October 22, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආහාර උද්දමනය ඉහළට

1 min read

ඉකුත් සැප්තැම්බර් මාසයේදී මෙරට උද්ධමන අනුපාතය නොවෙනස්ව පැවැති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව සැප්තැම්බර් හා අගෝස්තු මාසවලදී උද්ධමන අනුපාතය සියයට අටයි දශම එකක් (8.1%) ක් ලෙස පැවැතිණි.

එනමුත් අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය ඉහළ ගොස් තිබේ.

අගෝස්තු මාසයේ දී සියයට හයයි දශම හයක් (6.6%) ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේ දී සියයට හයයි දශම නවය (6.9%) දක්වා වැඩි වී ඇත.

තවද අගෝස්තු මාසයේ දී සියයට නවයයි දශම තුනක් (9.3%)ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේ දී සියයට නවයයි දශම එක (9.1%) දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x