October 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නුවරඑළියට දැඩි වර්ෂාපතනයක්

1 min read

රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, (14) දින පස්වරුවේ නුවරඑළිය ප්‍රදේශයට අකුණු සහිත දැඩි වර්ෂාපතනයක් ඇද හැලුණි.

මෙම තත්ත්වය නිසා පහත් බිම් ජල ගැලීම්වලට ලක්වීමේ අවදානමක් ඇති වූ අතර ගංගා පිටාර ගැලීමක් ද සිදු විය.

පසුගිය දින දෙක තුළ රාත්‍රී කාලයේදී ඇද හැලුණේ මද වර්ෂාවක් පමණක් වුවද, (14) දින පස්වරු 1:00ට පමණ දැඩි වර්ෂාපතනයක් ආරම්භ විය.

ඝන මීදුම හේතුවෙන් රියදුරන්ට දැඩි අපහසුතා ඇති වූ අතර, වාහනවල ඉදිරිපස ලාම්පු දල්වාගෙන සෙමින් ධාවනය කරන මෙන් නුවරඑළිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නොකඩවා ඇද හැලුණු මෙම දැඩි වර්ෂාව හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයේ දැඩි සීතල කාලගුණික තත්ත්වයක් ද ඇති වී තිබේ.

නුවරඑළිය නගර ප්‍රදේශයේ පවතින නුසුදුසු ජල බැහැර කිරීමේ පද්ධති සහ තාප්ප හේතුවෙන් ජලය ගලා යාමට බාධා ඇති වී, ජලය එක්රැස් වීම නිසා පැය කිහිපයක් පුරා මාර්ග රැසක මහජන ගමනාගමනයට බාධා ඇති වූ බව දක්නට ලැබුණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x