නැව් ගාස්තු වැඩි නිසා පොල් තෙල් යවන්න බැහැ -ව්‍යාපාරිකයෝ කියති
1 min read
නැව් ගාස්තු ඉහළ යාම හේතුවෙන් පොල් තෙල් අපනයනය කිරීමට නොහැකි වීම නිසා තමන් දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටින බව එම කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෝ සඳහන් කරති.
මෙරට පිරිසුදු පොල් තෙල්වලට ලතින් ඇමරිකානු ඇතුළු යුරෝපා රටවල් කීපයකින් දැඩි ඉල්ලුමක් තිබෙන බවද ව්‍යාපාරිකයෝ සඳහන් කරති. සාමාන්‍යයෙන් මාසයකට පොල් තෙල් මෙට්‍රික් ටොන් 12ත් 15ත් අතර බහාලුම් 5ත් 8ත් අතර ප්‍රමාණයක් නැව්ගත කිරීම මෙම ව්‍යාපාරිකයි න් විසින් පසුගිය කාලය තුළ සිදු කර ඇත. එම කාලයේදී එක් බහාලුමක් වෙනුවෙන් තමන් ඩොලර් 2500 – 3000 ත් අතර මුදලක් නැව් ගාස්තු ලෙස ගෙවීම් කළත් වර්තමානයේ එම ගාස්තුව ඩොලර් 12,500 ත්, 14,000 දක්වා ඉහළ ගොස් ඇති බවද පොල් තෙල් ව්‍යාපාරිකයෝ සඳහන් කරති.
ඒ අතර තුර මෙරට වෙළද පළ තුළ වියළි පොල් මිලද ඉහළ යමින් පවතින බව ඔවුහු සඳහන් කරති. පසුගිය කාලයේ රුපියල් 100 ක් වූ පොල් ගෙඩියක් වර්තමානයේ රුපියල් 120 සිට ඉහළ මිලකට ගොස් ඇති බවද ඔවුන් කියා සිටී. එමෙන්ම කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 150/ – ත් 160/- අතර තිබූ DC මිල මේ වන විට රුපියල් 195/- ත් 200/- අතර මිලකට ඉහළ ගොස් ඇති බවද පොල් තෙල් ව්‍යාපාරිකයන් සඳහන් කරයි.
එවැනි ඉහළ මිලකට පොල් හෝ DC මිලදී ගෙන නිෂ්පාදනය කරන පොල් තෙල් අපනයනය කිරීමේදී මීට පෙර තමන් ලද ලාභය 20% සිට 2% දක්වා පහත වැටී ඇති බවද පොල් තෙල් නිෂ්පාදකයෝ සඳහන් කරති. ඊට හේතුව වී නිෂ්පාදන මිල ඉහළ ගියත් විදේශීය වෙළෙඳපොළ තුළ මිල පැවැති මට්ටමේම පවත්වා ගෙන යාමට වීම බවද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
ඒ අතරතුර විදෙස් රටවල්වලින් ගෙන්වන ෆාර්ම් තෙල් සහ වෙනත් පිසීම සඳහා යොදා ගන්නා තෙල් වර්ගවල දේශීය මිල පහත ගොස් තිබීම හේතුවෙන් තම නිෂ්පාදන මෙරටදී හෝ අලවි කර ගැනීමට නොහැකි වී ඇති බවද පොල් තෙල් නිෂ්පාදකයන් සඳහන් කරයි.
වර්තමානය වන විට සුළු සහ මහා පරිමාණ මට්ටමින් පොල් තෙල් නිෂ්පාදන ආයතන 50 කට වැඩි ප්‍රමාණයක් දිවයින පුරා පවත්වා ගෙන යන බවත්, පවතින තත්ත්වය හේතුවෙන් වැඩි දවසක් යන්නට පෙර එම තෙල් මෝල් බහුතරයක් වසා දමන්නට සිදු වීම වැළැක්වි නොහැකි බවත් ව්‍යාපාරිකයන් සඳහන් කරයි. එසේ වුවහොත් පොල් තෙල් අපනයනය කිරීමෙන් වාර්ෂිකව මෙරටට ලැබෙන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් නොලැබී යන බවද එම ව්‍යාපාරිකයන් පෙන්වා දෙයි.
