October 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඥානසාර හිමිව චීවරය සහිතව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා පෙත්සමක්

1 min read

සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකර වලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x