ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. – හෙට ජාතික අක්ෂි රෝහලට..
1 min read
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම සැකකාරියව අද බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න ප්‍රකාශ කළේය.
ඇයව හෙට (09) දිනයේදී කොළඹ ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
